IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉතාලියේ තනි ආණ්ඩුවක් පිහිටුවන්න බැරිවෙන ලකුණු

රෝමයේදීය (රොයිටර්/ඒ.එෆ්.පී)
 
දැනට නිකුත් වී තිබෙන ප්‍රතිඵල අනුව ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනවරමක් ලැබී නැති අතර බොහෝ විට සන්ධාන ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.

 
අද (5) දහවල් වනවිට මැතිවරණ ප්‍රතිඵලවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් නිකුත් වී තිබූ අතර එයින් වැඩි වාසි අත්ව තිබුණේ දක්ෂිණාංශික සහ ජනප්‍රියවාදී පක්ෂවලටය. 
 
යුරෝපා සංගමයට විරුද්ධ සහ ස්ථාපිත විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලුවීජී දි මෝයීගේ පක්ෂය ‘ෆයිව් ස්ටාර් මූව්මන්ට්’ පක්ෂය වැඩි වාසි අත්කරගෙන තිබිණි. අන්ත දක්ෂිණාංශික ලීගයේ ද සහාය ඇතිව තරග වැදුණු හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිගේ දක්ෂිණාංශික සන්ධානය පාර්ලිමේන්තුවේ පහත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි ආසන ප්‍රමාණයක් දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරුණි. 
 
සාකච්ඡා සහ සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය නිසා ආණ්ඩුවක් පිහිටුවීමට සති කිහිපයක් ගත වනු ඇත. ස්ථීර ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා ඉදිරියේදී නව මැතිවරණයක් පවත්වනු ඇතැයි ද අදහස් පළ වී තිබිණි. අද (5) දහවල් වනවිට නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුවට ෆයිව් ස්ටාර් ව්‍යාපාරය සියයට 31.6, ලීගය සියයට 18.2ක් ද දිනාගෙන තිබූ අතර සිල්වියෝ බර්ලුස්කෝනිගේ ‘ෆෝරා ඉතාලියා’ පක්ෂය නිකුත් ව තිබූ ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 13.8ක් හිමි කරගෙන තිබිණි. 
 
නිකුත් ව තිබූ ප්‍රතිඵලවලින් මැටියෝ රෙන්සිගේ පාලක ඩිමොක්‍රටික් පක්ෂයට දිනාගැනීමට හැකියාව ලැබී තිබුණේ සියයට 19.1ක ඡන්ද සංඛ්‍යාවකි. පාලක පක්ෂයට නිකුත් ව තිබූ ප්‍රතිඵලවලින් පහෙන් එකක් දිනාගැනීමට නොහැකි ව තිබූ බවත් එය පක්ෂය ලැබූ දරුණු පසුබැසීමක් බවත් ඉතාලි පුවත්පත් වාර්තා කළේය. ඉතාලියේ උතුරු කොටසේ වැඩි බලයක් දිනාගැනීමට ලීගය සමත් වනවිට දකුණෙන් විශාල සහයෝගයක් ලබාගැනීමට ෆයිව් ස්ටාර් පක්ෂය සමත්විය. 
 
ඉතාලි පාර්ලිමේන්තුවට නියෝජිතයන් 945 දෙනකු තෝරා පත් කරගැනීම සඳහා මෙම මැතිවරණය පැවැති අතර ඉන් 630 දෙනෙක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත් 315 දෙනෙක් ජනරජයේ සෙනට් සභාවටත් පත්වෙති. බහුතරය දිනා ගැනීමට සඳහා පක්ෂයක් දිනාගත යුතු ආසන සංඛ්‍යාව 316කි. 
කිසිදු පක්ෂයකට බහුතරයක් දිනාගැනීමට හැකි වී නැතැයි නිකුත් ව තිබූ ප්‍රතිඵලවලින් ද පෙනී යන අතර මැතිවරණයට පෙර ඉදිරිපත් වූ සමීක්ෂණ වාර්තාවලට අනුව ද කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි වන්නේ නැතැයි පැවැසිණි. 

055


 



අදහස් (0)

ඉතාලියේ තනි ආණ්ඩුවක් පිහිටුවන්න බැරිවෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 15 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 16 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 12 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 11 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 827 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 122 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site