නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ රජයට අයත් ගොඩනැගිල්ලක් තුළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බය පුපුරුවාගෙන ඇතැයි එරට නිලධාරියෙක් පැවැසීය.
ජනාධිපතිවරයා සහභාගී වූ රැළියක් ආසන්නයේ දී සහ කාබුල් නුවර සිදු වූ පිපිරීම් දෙකකින් 50 කට ආසන්න පිරිසක් මියගොස් දිනක් ගෙවී යද්දී මෙම ප්‍රහාරය එල්ල විය.
“ගොඩනැගිල්ලේ සිටි කාර්ය මණ්ඩලයේ පිරිස බේරාගැනීම සඳහා ආරක්ෂක අංශ කඩිනමින් එම ස්ථානයට පැමිණියා” යැයි පිපිරීම සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ පළාත් නිලධාරියා කීය.
පිපිරීම සිදුව ඇත්තේ ජලාලාබාද්හි අගනුවර වන නන්ගර්හාර් පළාතේ, පළාත් මාධ්‍ය ප්‍රකාශක අතුල්ලා කොග්යානි පැවැසීය.
ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානී මහා සහභාගී වූ රැළියකට ඊයේ (17) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් 26 දෙනෙක් මියගොස් 42 ක් තුවාල ලැබූහ.
ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදු නොවීය. කාබුල් අගනුවරට උතුරින් පිහිටි පර්වාන් පළාතේදී එම රැළිය පැවැත්විණි. ඉන් පැයකට පසුව කාබුල් අගනුවරට ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් 22 දෙනෙක් මියගොස් 38 ක් තුවාල ලැබූහ. එම ප්‍රහාර දෙකේම වගකීම තලේබාන් සංවිධානය බාරගෙන තිබිණි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇෆ්ගනිස්ථානයේ ගොඩනැගිල්ලක මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක්