ඇෆ්ගනිස්තාන යුද්ධයට ඇමෙරිකාවෙන් නව යුද උපායමාර්ගයක් හඳුන්වාදීමට ජනාධිපති ඩොනල්ඩ් සූදානමින් සිටින බව වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වී සිටින දීර්ඝතම හමුදා ගැටුම ඇෆ්ගනිස්තාන යුද්ධය වන අතර ට්‍රම්ප් ජනාධිපතිවරයාට පෙර සිටි බැරැක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්. බුෂ් යන ජනාධිපතිවරුන්ට ද ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීමට නොහැකි විය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා එරට ජනතාව අමතමින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිත යැයි ද වාර්තා වේ. තම ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්ගේ නිර්දේශ මත ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු හමුදා ප්‍රමාණවත් පරිදි වැඩි කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.
ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඇෆ්ගනිස්තානයේ යුද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපායමාර්ගික නිරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිවේදනය කළේය. ඉන් අනතුරුව ඇෆ්ගනිස්තානයට තවදුරටත් සේනාංක යැවීම ඥානාන්විත ක්‍රියාවක් දැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ගෙන් පෞද්ගලික විමසා ඇතැයි ද වාර්තා විය.
රොයිටර් 055
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇෆ්ගන් යුද්ධයට ට්‍රම්ප්ගෙන් නව යුද උපායමාර්ගයක්
isurandi Monday, 21 August 2017 05:00 PM
එදා පාර මෙයත් වවාගෙන කන්න වගේ හදන්නේ.