IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් අප්‍රිකානු දූතයන්ට වඳුරන් කියලා

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප්‍රිකානු දූත පිරිසකට වඳුරන්යනුවෙන් පවසා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සඟරාවක් අද (31) අනාවරණය කළේය. 

හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන් ඒ බව පවසා ඇත්තේ 1971 වසරේදීය. දුරකතන ඇමතුමක් දෙමින් ඔහු ඒ බව පවසා ඇත්තේ එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබ වූ රිචඞ් නික්සන්ටය. 

එම කාලයේදී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඡන්ද විමසීමක් පවත්වා තිබෙන අතර අප්‍රිකානු දූත පිරිස එම ඡන්දයේදී ඇමෙරිකාවට එරෙහිව ඡන්දය භාවිත කර ඇත. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන් එයින් කෝපයට පත්ව ඇත. 

පැරැණි හඬ පට කිහිපයක් හමු වූ බවත් ඒවායෙන් මේ බව අනාවරණය වූ බවත් මේ පුවත වාර්තා කළ එම සඟරාව තවදුරටත් සඳහන් කර ඇත. 

තායිවානය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයෙන් ඉවත් කර චීනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස පිළිගැනීමට මෙම ඡන්ද විමසීම පවත්වා තිබේ.

එම ඡන්ද විමසීමේදී චීනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස පිළිගත් එයින් උද්දාමයට පත්වූ ටැන්සානියානු දූත පිරිස නර්තයෙන් යෙදී ඇත. 

රොනල්ඞ් රේගන් තායිවානයට සහාය පළ කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඔහු දැඩි කනගාටුවටත් කෝපයටත් පත්ව ඇත.   

“අර අප්‍රිකානු රටවලින් ආපු වඳුරෝ, උන්ට තාම සපත්තු දාගෙන ඉන්න බැරිද කොහේද” යනුවෙන් ජනාධිපති රිචඞ් නික්සන්ට දුරකතන ඇමතුමක් දෙමින් රොනල්ඞ් රේගන් පවසා ඇත. ජනාධිපති නික්සන් ඊට සිනහා වෙන අයුරු ඇසේ. රිචඞ් නික්සන් 1974 වසරේදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි 

055

 



අදහස් (1)

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් අප්‍රිකානු දූතයන්ට වඳුරන් කියලා

රවින් Thursday, 01 August 2019 08:56 AM

පරිණාම වාදය ගැනයි ඒ කතා කරලා තියෙන්නේ. කොහොමත් මේ ගොල්ලෝ කැලෑ නීතිය හොඳින් දන්නවනේ...

:       1       6

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 103 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 81 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 69 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 22 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 131 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site