ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණවල ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කිරීමේ අරමුණින් වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව එරට ජාතික බුද්ධි ඒකකයේ අධ්යක්ෂ ඩෑන් කෝට්ස් මහතා පැවසීය.
“මැතිවරණවල ආරක්ෂාව කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තිබෙන දිගුකාලීන අභියෝගයක්. ඒ වගේම එය ඉහළම ප්‍රමුඛතාවක්” යැයි ඩෑන් කෝට්ස් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.
සිය ප්‍රතිපත්තිවලට එරෙහිව යන ඇගයීම්, තක්සේරු කිරීම් කළේ යැයි ඩෑන්ස් කෝට්ස් අවස්ථා කිහිපයකදීම ජනාධිපති ට්‍රම්ප්ගේ විවේචනයට ද ලක්විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්යක්ෂ යනු එරට ජනාධිපතිවරයාට බුද්ධි තොරතුරු, ආරක්ෂාව යනාදී කරුණු සම්බන්ධයෙන් උපදෙස් දෙන, අධිකාරීත්වය ඇති සහ ජනාධිපතිවරයා පාලනය කිරීමට බලය ඇති කැබිනට් මට්ටමේ තනතුරකි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි තොරතුරු, ජාතික ආරක්ෂාව යනාදිය සම්බන්ධයෙන් වගකියන ආයතන 17ක ප්‍රධානීන්ගෙන් සමන්විත ‘ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවේ’ ප්‍රධානී තනතුර හොබවන්නේ ද ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයාය.
“2018 වසරේ පැවැති මැතිවරණයේ දී අපි සාර්ථක ප්‍රවේශයක් ගත්තා. මැතිවරණවල ආරක්ෂාව කියන්නේ ඉතාම වැදගත් කරුණක්. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන් සතුව තිබෙන සම්පත් ජාතික ආරක්ෂාව සඳහා නිසි පරිදි භාවිත කළ යුතු” යැයි ද ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි අධ්යක්ෂ ඩෑන් කෝට්ස් මහතා පැවසීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්රස් මහ මැතිවරණය පසුගිය වසරේදී පැවැත්විණි. එය කිසිදු බාහිර බලපෑමකින් තොරව පැවැත්වීමට ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි නිලධාරීන්,කෝට්ස් ඇතුළු සෙනට් සභිකයෝ ප්රමුඛ ඇමෙරිකානු පරිපාලනය සමත්වූහ.
කෙසේ නමුත් 2020 පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට බාහිර පාර්ශව වලින් දැඩි තර්ජන එල්ල වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. අවසන් වරට පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයට සහ එහි ප්‍රතිඵලයට රුසියාව බලපෑම් කළ බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ අනුව සෙනට් සභාව රුසියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ බුද්ධි කමිටුව ද ඇමෙරිකානු දේශපාලනයට රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දී තිබෙන අතර මැතිවරණ පද්ධති සහ ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදි වැඩි අවධානයක් යොමු කර තිබේ.
2016 වසරේදී පැවැති ජනාධිපතිවරණයේ දී රුසියාව ඊට මැදිහත් වූ බවටත් ජයග්‍රහණය සඳහා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මහතා උපකාර කළ බවටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ විමර්ශන වලින් පසුව අවසන් නිගමනයකට පැමිණියේය. කෙසේ නමුත් බුද්ධි අංශවල එම නිගමන සියල්ල අසත්‍ය යැයි පවසමින් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මහතා ඒවාට අභියෝග කළේය.
රොයිටර් ඇසුරිනි
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකාවේ මැතිවරණවල ආරක්ෂාව ගැන වෙනම ඒකකයක්