නැගෙනහිර සිරියාවේ පිහිටි ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ගේ කඳවුරු කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ එල්ල කළ පළමු යුද ප්‍රහාරය මෙය යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ සහාය ලබන සටන්කාමීන් 17 දෙනකු මරණයට පත්වූ බවද ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය නිවේදනය කළේය.
මේ මස මුලදී ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් එල්ල වූ රොකට් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ද පෙන්ටගනය සඳහන් කළේය.
“ජනාධිපති බයිඩන්ගේ උපදෙස් පරිදි ඇමෙරිකානු හමුදා නැගෙනහිර සිරියාවේ සිටින ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ගේ කඳවුරු වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා” යැයි පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
“ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා සහ ඒකාබද්ධ හමුදා ඉලක්ක කරගනිමින් මෑතකදී එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළා” යැයි ද හෙතෙම කීය.
ඉරාක සහ සිරියානු දේශසීමාවේ පිහිටි සටන්කාමීන්ගේ කඳවුරු මෙලෙස ප්‍රහාර එල්ල වී තිබේ. ඉරානයේ සහාය ලබන කටායිබ් හිස්බුල්ලා (කේ.එච්) සහ කටායිබ් සයිද් අල් ෂුහාදා (කේ.එස්.එස්) යනාදී කඳවුරු රැසක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇතැයි පැවසේ.
මෙම ප්‍රහාරවලින් ඉරානයේ සහාය ලබන සටන්කාමීන් 17 දෙනකු මරණයට පත්වූ බව මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වන සිරියානු සංවිධානය නිවේදනය කළේය.
“මෙම ප්‍රහාරවලින් පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන ලොරි තුනක් විනාශයට පත්වුණා. තවත් පිරිසක් තුවාල ලබලා. දැනට තිබෙන තොරතුරු අනුව ඉරානයේ සහාය ලබන සටන්කාමීන් 17 දෙනකු මරණයට පත්වෙලා” යැයි එම සංවිධානයේ අධ්‍යක්ෂ රාමි අබ්දුල් රහ්මාන් පැවැසීය.
ඉරාකයේ අර්බිල් ගුවන් තොටුපොළේ පිහිටි ඇමෙරිකාවට අයත් ප්‍රධාන හමුදා කඳවුරු මීට සති දෙකකට පෙර සටන්කාමීන්ගෙන් රොකට් ප්‍රහාර දෙකක් එල්ල විය. එම ප්‍රහාර මාලාවෙන් විදේශීය සිවිල් කොන්ත්‍රාත්කරුවකු මරණයට පත්වූ අතර ඇමෙරිකානු සොල්දාදුවකු ඇතුළු නවදෙනෙක් තුවාල ලැබූහ.
ඉරාකයට අයි.එස්.අයි.එල්. හෙවත් අයි.එස්.අයි.එස්. සංවිධානයට එරෙහිව සටන් වදින අතර ඊට සහාය දැක්වීම සඳහා 2014 වසරේ සිට ඇමෙරිකානු හමුදා ඇතුළු ඒකාබද්ධ හමුදා ඉරාකයේ ස්ථාපිත කර ඇත.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකාවෙන් ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ට ප්‍රහාර
anura Friday, 26 February 2021 01:59 PM
ඒ අයට ඕනෑ වුණොත් ඕනෑම කෙනෙක්ගේ හිස මතට බෝම්බයක් ගසා ඝාතනය කිරීමේ අයිතිය තියෙනවා! මොන මානව හිමිකමක් වත් සලකන්නේ නැහැ. හැබැයි ඔවුන්ට කත් අදින සූත්තර පුංචෝ වගේ ඒ අය මෙහෙ ඉන්නකන් අපිට සැනසිල්ලේ ඉන්න ලැබෙන්නේ නැහැ...