IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක

ඒකපාර්ශවීය තීරණයක් ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානයට පනවා තිබූ සම්බාධක නැවත පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.
 
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනෙකුත් නිත්‍ය සාමාජිකයන්ගෙන් වෙන්වී තනි තීරණයක් ගනිමින් ඉරානයට එරෙහිව මෙලෙස සම්බාධක පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
 
කෙසේ නමුත් ඉරානය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද ඇමෙරිකාවේ එම තීරණයට සිය විරෝධය පළ කර ඇත. එලෙස ඉරානයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවීමට කිසිදු නීතිමය පදනමක් නැති බව පවසමින් ඇමෙරිකාවේ සමීප මිත්‍ර රටවල් ද අදාළ තීරණයට විරෝධය පළ කර ඇත.
 
 ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර 2015 වසරේදී අත්සන් තැබුණු ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානයට පනවා තිබුණු සම්බාධක ලිහිල් කෙරුණි. ලෝක බලවතුන් හයදෙනෙක් එහි පාර්ශවකරුවෝ වූහ.
 
 ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ධුර කාලයේදී එම ගිවිසුමට අත්සන් තැබිණි.කෙසේ නමුත් ඉරානයට චෝදනා කරමින් මීට වසර දෙකකට පෙර ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කරගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේය.
 
 එසේ ලිහිල් කෙරුණු එක්සත් ජාතීන්ගේ සම්බාධක නැවත පනවන බවත් එම ක්‍රියාමාර්ග අනුගමනය නොකරන එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වල, ප්‍රතිවිපාක’වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ නිවේදනයක් නිකුත් කරමින් අද  (20) සඳහන් කළේය.
 
 ඉරානයට පනවා තිබෙන ආයුධ තහනමට අමතරව ඉරානය සමඟ යුරේනියම්වලින් න්‍යෂ්ටික ඉන්ධන නිෂ්පාදනය හා සම්බන්ධ වීම, බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සහ සංවර්ධනය සහ මිසයිලවලට සහ න්‍යෂ්ටික ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණ හුවමාරු කරගැනීම යන කටයුතුවලදී ඉරානය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට තහනම් වේ.
 
 ඒ.එෆ්.පී.රොයිටර්
 
(055)



අදහස් (0)

ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 180 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 105 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 124 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 40 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 880 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site