IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඇමෙරිකාව හුවාවි සමාගමට එරෙහිව අධිකරණයට යන්න සැරසෙයි

ලොව විශාලතම දුරකතන සන්නිවේදන උපාංග නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන හුවාවි සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පනවා තිබෙන සම්බාධක උල්ලංඝණය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී තිබේ.
 

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව හුවාවි සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වෙමින් සිටී.


එනමුත් හුවාවි සමාගම එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි. ඇමෙරිකා එක්සත් ජනපදය හුවාවි සමාගමට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බව නිවේදනය කළේ ඇමෙරිකා-චීන වෙළෙඳ සාකච්ඡා පැවැත්වීමට දින කිහිපයක් තිබියදීය. 


 හුවාවි සමාගමට සහ එහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනියට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස චෝදනා එල්ල කර තිබේ.  
 
 ඇමෙරිකාව ඉරානයට පනවා තිබෙන සම්බාධක උල්ලංඝණය කිරීමට කුමන්ත්‍රණය කර අනුබද්ධිත සමාගමක් සමඟ ඉරානය සමඟ ව්‍යාපාරවල නිරත වීමට හුවාවි සමාගම කටයුතු කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි. 
 
 ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස හුවාවි සමඟ එරෙහිව නෛතික පියවර ගැනීමට සූදානම් වීමත් සමඟ ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය තවදුරටත් උග්‍ර වනු ඇතැයි පැවසේ. 
 
 ඉහත චෝදනාවට අමතරව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හුවාවි සමාගමට තවත් චෝදනා කිහිපයක්ම එල්ල කර තිබේ. හුවාවි සමගාම ඇමෙරිකා එක්සත් ජනපදයේ ටී-මොබයිල් සමාගමේ රොබෝ තාක්ෂණය සොරකම් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කළේය.
 
 සමාගම් දෙක 2017 වසරේදී එම ආරවුල සමථයකට පත් කර ගත් බව හුවාවි සමාගම සඳහන් කළේය. 
 
 රොයිටර් ඇසුරිනි 

055



අදහස් (0)

ඇමෙරිකාව හුවාවි සමාගමට එරෙහිව අධිකරණයට යන්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 224 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 555 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4065 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 422 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2585 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 76 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site