ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත්කර ගැනීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඇෆ්ගනිස්ථානයට සාමය ගෙන ඒම අරමුණු කරගෙන තලේබාන් සංවිධානය සමඟ ඇති කර ගත් සාම ගිවිසුමේ එකඟතාවයන් පරිදි හමුදාව ඉවත් කර ගන්නා බව ඇමරිකානු බලධාරීහු පවසති.
ගිවිසුම අත්සන් කිරීමෙන් දින 135 ක් ඇතුළත ඇමෙරිකාව සිය හමුදා 12,000 සිට 8,600 දක්වා අඩු කිරීමට එකඟ වී තිබේ.
ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම, පසුගිය පෙබරවාරි 29 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර අත්සන් කරන ලද ඓතිහාසික සාම ගිවිසුමේ එක් කොන්දේසියකි.
ඇෆ්ගනිස්ථාන රජය මෙම ගනුදෙනුවට සහභාගී නොවූ නමුත් තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වනු ඇතැයි සඳහන් වෙයි.
ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි මුලින් කියා සිටියේ සටන්කාමී කණ්ඩායම සමඟ සෘජු සාකච්ඡා සඳහා පූර්ව කොන්දේසියක් ලෙස තලේබාන් සිරකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමට තමන් එකඟ නොවන බවයි.
එහෙත් පසුව නිකුත් වූ වාර්තා සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් අවම වශයෙන් තලේබාන් සිරකරුවන් 1,000 ක් මේ සතියේ නිදහස් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරනු ලබන බවයි.
කෙසේවුවද හැමන්ඩ් පළාතේ ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට පහර දුන් තලේබාන් සටන්කරුවන්ට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය ගුවන් ප්‍රහාරයක් ආරම්භ කිරීමෙන් පසු සාම ගිවිසුම බිඳ වැටිණි.
සටන්කාමීන් මෙම ගිවිසුම පිළිගන්නේ නම් මාස 14 ක් ඇතුළත සියලු හමුදා ඉවත්කර ගැනීමට ඇමරිකාව සහ නේටෝ මිත්රපාක්ෂික රටවල් එකඟ වී තිබේ.
ගිවිසුම යටතේ සටන්කාමීන් ප්‍රහාරවලින් වැළකී සිටීමට මෙන්ම අල්කයිඩා සංවිධානයට හෝ වෙනත් අන්තවාදී කණ්ඩායමකට තමන් පාලනය කරන ප්‍රදේශවල ක්‍රියාත්මක වීමට ඉඩ නොදීමට ද එකඟ වී තිබේ.
ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කර ගත් අල්කයිඩා සංවිධානය විසින් 2001 සැප්තැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයට එල්ල කළ ප්‍රහාරයෙන් සති කිහිපයකට පසු ඇමරිකාව ප්රමුඛ හමුදා තලේබාන්වරුන් බලයෙන් නෙරපා දැමීය.
තලේබාන් සංවිධානය නැවත එකතු වී කැරලිකාර බලවේගයක් බවට පත්වූ අතර 2018 වන විට ඇෆ්ගනිස්ථානයේ සමස්ත භූමියෙන් තුනෙන් දෙකකට වඩා ප්‍රදේශයක ක්‍රියාකාරී විය.
ගැටුම අතරතුර ඇමරිකා එක්සත් ජනපද හමුදා 2,400 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත්කර ගැනීම අරඹයි
WCA Tuesday, 10 March 2020 01:32 PM
ඕකම තමයි අපේ රටට කරගන්න ඕනේ වෙලා තිබුණේ බටහිර රටවලට... දැන් 3න් 2ක් දීලා මේ ගොල්ලෝ මාරුවෙනවා. දැන් "අල්කයිඩා සංවිධානය" නමත් නිකන් හොඳ වෙලා වගේ... ඉස්සර ඔහොම නෙවෙයි කිව්වේ...