IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමෙරිකානු හමුදා ප්‍රහාරයකින් අයි.එස්.නායකයකු මරුට

බීරූට්හිදීය (රොයිටර්ස්)

ඇමෙරිකා එක්සත් ජනපද හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයේ නායකයකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.

එම ගුවන් ප්‍රහාරවලින් මියගොස් ඇත්තේ ඇමෙරිකාවේ සහ තවත් රටවල් කිහිපයක ප්‍රාණ ඇපකරුවන්ගේ හිස ගසා දැමූ පුද්ගලයා යැයි ද පැවසේ.

“අද උදේ ඒකාබද්ධ හමුදා අග්නිදිග සිරියාවේ නිශ්චිත ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළා. අයි.එස්.අයි.එස්. නායකයන් සිටින ඉලක්ක කිහිපයකටම ප්‍රහාර එල්ල කළා. අබු අල් උමාරයින් සිටි ස්ථානයකටත් ගුවන් ප්‍රහාර එල්ල කළා” යැයි අයි.එස් සංවිධානයට එරෙහිව සටන් වදින ඒකාබද්ධ හමුදාවල ඇමෙරිකා නියෝජිත බ්‍රෙට් මැක්ගර්ග් පැවැසීය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහන සේවකයකු වන පීටර් කසීග් ඇතුළු අයි.එස්. සංවිධානයේ අත්අඩංගුවේ සිටි සිරකරුවන් කිහිපදෙනකු ඝාතනය කිරීමට අබු අල් උමාරයින් වගකිව යුතු යැයි පැවසේ. පීටර් අයි.එස් සංවිධානය විසින් අල්ලා ගනු ලැබුවේ ඔහු සිරියාවේ සිටියදීය. අත්අඩංගුවේ සිටි පීටර්ගේ හිස ගසා දැමුවේ 2014 වසරේ දී යැයි ද මැක්ගර්ග් කීය. 

නැගෙනහිර සිරියාවේ බාදියා කාන්තාරයේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවත් එම ප්‍රහාරවලින් තවත් අයි.එස්. නායකයන් කිහිපදෙනකු මිය ගිය බවත් ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානයට එරෙහිව සටන් වදින ඇමෙරිකා එක්සත් ජනපද හමුදා ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවල ප්‍රකාශක කර්නල් ෂෝන් රයන් පැවැසීය. 

මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරිදා යැයි ද රොයිටර්ස් පුවත් සේවය තවදුරටත් වාර්තා කර තිබිණි. 

055



අදහස් (0)

ඇමෙරිකානු හමුදා ප්‍රහාරයකින් අයි.එස්.නායකයකු මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 170 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 105 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 293 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site