IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා මිතුරෝ සහ සතුරෝ න්‍යෂ්ටික ගිවිසුමට සහාය දක්වති

ජිනිවාහිදීය/මොස්කව් (රොයිටර්)
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිතුරන් මෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදීහුද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සහාය දක්වමින් අද (23) අදහස් දැක්වූහ. 

එම රටවල් සියල්ල ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සහාය පළ කරමින් අදහස් දැක්වූයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වී සිටින අවස්ථාවකදීය. 
 
ප්‍රංශය ද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සහාය පළ කරන ඇමෙරිකාවේ මිත්‍ර රටවලින් එකක් වන අතර ඇමෙරිකා ජනාධිපතිවරයා සමඟ දෙවැනි සැලැසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා විය. 
 
හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ප්‍රධානත්වයෙන් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තබන ලදි. ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානය, චීනය, රුසියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය මෙන්ම යුරෝපා හවුල ද එම ගිවිසුමට එක්වූහ. 
 
කෙසේ නමුත් වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළත් ඇමෙරිකාවේ මිත්‍ර රටවල් මෙන්ම ප්‍රතිවාදී රටවල් ද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඉදිරියටත් පැවැතිය යුතු බව දිගින් දිගටම අවධාරණය කළහ. 
 
ප්‍රංශය එලෙස ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවලංගු නොකළ යුතුය යන මතයේ සිටින ඇමෙරිකාවේ මිත්‍ර රටකි. 
 
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනාද ඇතුළත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් අද (24) පැවැත්විණි. එහිදි ඇමෙරිකාවේ ප්‍රතිවාදී රටවල් පමණක් නොව මිත්‍ර රටවල් ද ඉරාන න්‍යෂ්ටික අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව සඳහන් කරමින් ඊට පක්ෂව අදහස් දැක්වූහ. 
 
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට උත්සාහ කළහොත් එය නැවැත්වීමට චීනය එකඟතාව පළ කළ බව එරට සංචාරයක නිරත වී සිටින රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝ පැවැසීය. 
 
055



අදහස් (0)

ඇමෙරිකා මිතුරෝ සහ සතුරෝ න්‍යෂ්ටික ගිවිසුමට සහාය දක්වති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 125 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 85 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 75 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 24 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 131 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site