රුසියාව ඇමරිකානු තානාපති නිළධාරීන් 60 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට තීරණය කර තිබේ .
මේ අනුව එම නිළධාරීන් හට අප්‍රේල් පස්වැනිදා වනවිට එරටින් පිටවන ලෙස දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. මෙම පිටුවහල් කිරීම ඇමරිකාව විසින් රුසියානු තානාපති නිලධාරීන් 60 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට මෙම සතිය මුලදි ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන් සිදුකළ ක්‍රියාවකි.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ නිවේදනය අනුව මින් නිලධාරීන් 58 දෙනෙකු මොස්කව්හි ඇමරිකානු තානාපති කාර්යාලයේ අය වන අතර අනිත් දෙදෙනා එරට යෙකයෙරින්බර්ග් නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලයේ නිලධාරීහු වෙති.
මීට අමතරව රුසියාව විසින් එරට ශාන්ත පීටරස්බර්ග් නුවර ඇති ඇමරිකානු කොන්සල් කාර්යාලය සදහා ලබාදී තිබූ අවසරයද අවලංගු කර ඇත. මෙනිසා එම කාර්යාලය වසාදැමීමට සිදුවනු ඇත. තවද රුසියාව එරට ඇමරිකානු තානාපති ජොන් හන්ට්ස්මන් හට ඇමරිකාවේ ප්‍රකෝපකරවන සුළු ක්‍රියාපටිපාටියට විරෝධය දක්වා ලිපියක්ද බාරදී ඇතයි වාර්තාවේ.
මේ සම්බන්ධ ප්රවෘත්ති සාකච්ඡාවක් වොෂින්ටන් D.C හී කැඳවමින් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හීතර් නොවර්ට් කියාසිටියේ මෙම ක්‍රියාවලියෙන් පෙනී යන්නේ මෙම ප්රශ්නය සාකච්ඡා මගින් විසඳාගැනීමට රුසියාවේ ඇති අකමැත්ත බවයි. ඇය තවදුරටත් ප්‍රකාශ කළේ ඇමරිකානු ක්‍රියාමාර්ග රුසියාව විසින් බ්‍රිතාන්‍යය පුරවැසියන් හට බ්‍රිතාන්‍යයේදී ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව පමනක්ම බවයි. එසේම රුසියානු ක්‍රියාමාර්ග සාධාරණීකරනය කළ නොහැකි බවද ඇය කියාසිටි බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ රුසියානු හිටපු ද්විත්ව ඔත්තුකරුවකු වූ සර්ජි ස්කර්පල් සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී වස දී ඝාතනය කිරීමට උත්සාහ කිරීම රුසියාවේ ක්‍රියාවක් බවට බ්‍රිතාන්‍යය සැක කිරීමයි. මෙම චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි. සර්ජි ස්කර්පල් සහ ඔහුගේ දියනිය වු යුලියා ස්කර්පල් මේ වනවිට බරපතළ තත්වයෙන් බ්‍රිතාන්‍ය රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටී.
(255)
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකා තානාපති නිලධාරීන් 60ක් රුසියාවෙන් පිටුවහල්