IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඇමෙරිකා ඩොලරය ඉරාන රියාල් 150,000කට විකිණෙයි

ඩුබායිහිදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනවීමත් සමඟ ඉරානයේ රියාල් මුදල් ඒකකයකට සාපේක්ෂව වාර්තා ගත අයුරින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 150,000 දක්වා ඉහළ ගොස් ඇතැයි එට විදේවිනිමය වෙබ් අඩවි වාර්තා කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ සම්බාධකත් සමඟ එරට ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇතයි පැවසේ. 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක් අද (5) රියාල් 150,000කට විකිණී ඇතැයි ද අඟහරුවාදා (4) ඩොලරයක් විකිණී ඇත්තේ ඉරාන රියාල් 138,000කට යැයි බොන්බාස්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

මෙලෙස ඩොලර් විකිණී ඇත්තේ නිලනොවන වෙළෙඳපොළවල යැයි ද වාර්තා වේ. බසාර් 360 වෙබ් අඩවියට අනුව ඩොලරයක් විකිණී ඇත්තේ ඉරාන රියාල් 150,000කට වන අතර මෙස්ගාල් ඔන්ලයින් වෙබ් අඩවිය නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඉරාන රියාල් මුදල් ඒකකයකට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 152,530ක් දක්වා ඉහළ ගොස් ඇත. 

දුර්වල ආර්ථික තත්ත්වය, ඉරාන බැංකු මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා සහ ඉරාන ජාතිකයන් අතර ඩොලරය සඳහා තිබෙන ඉහළ ඉල්ලුම යන කරුණු හේතුවෙන් මේ වසරේ ගත වූ කාලයේදී ඉරාන රියාල් මුදල් ඒකකයට එහි අගයෙන් තුනෙන් දෙකක් අහිමි වී තිබේ.

2015 වසරේදී අත්සන් තබන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමත් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කළ සම්බාධක නැවත පැනවීමත්, ඊට අමතරව නව සම්බාධක පැනවීමත් යනාදී කරුණු නිසා ඉරානයේ තෙල් සහ අනෙකුත් අපනයන නවතිනු ඇතැයි බොහෝ පිරිසක් බිය පළ කරති.  

055

 



අදහස් (0)

ඇමෙරිකා ඩොලරය ඉරාන රියාල් 150,000කට විකිණෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 235 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 559 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4072 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 426 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2586 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 76 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site