ඇමසන් වැසි වනාන්තර භූමියේ නීතිවිරෝධී පතල් කැණීම් වැඩි කිරීම සම්බන්ධයෙන් බ්රසිල ජනපති ජෙයාර් බොල්සනාරෝට එරෙහිට මුන්දුරුකු ගෝත්‍රික නායකයෝ චෝදනා කරති.
මුන්ඩුරුකු ආදිවාසී ගෝත්‍රික නායකයන් 15 දෙනෙකු බ්‍රසීල ජනාධිපතිවරයාට එරෙහිව මෙසේ චෝදනා ගොනු කර ඇත.
මෙම චෝදනා ඉදිරිපත් කිරීම සඳහා මුන්දුරුකු ගෝත්‍රිකයින් 50 දෙනෙකු බස් රථයකින් බ්‍රසීලියා නගරයට පැමිණ ඇති අතර ඔවුන්ගේ ගමනට සතියක් ගතවී ඇතැයි පැවසේ.
තම මුතුන් මිත්තන්ගේ ඉඩම් හරහා දිවෙන ටැපජෝස් ගඟේ ජල විදුලි වේලි ඉදිකිරීමේ සැලසුම නැවත ආරම්භ නොකරන ලෙසද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
ටැපජෝස් ඇමසන් වනයේ පිහිටි පිරිසිදු ජලය සහිත විශාලම අතු ගංගාවකි.
පතල් හා වාණිජ කර්මාන්තයන්ට තම ඉඩම් වෙන් කිරීමෙන් ඔවුන්ගේ සංස්කෘතීන් විනාශ වනු ඇතැයි ගෝත්‍රික නායකයෝ පවසති.
පතල් කර්මාන්තයේදී ගංඟා වලට රසදිය මුසුවීමෙන් දූෂණය සිදුවන බවද ඔවුහු සඳහන් කරති.
නීතිවිරෝධී දැව කැපීම් ඉහළ යමින් පවතින බවත් බොල්සනාරෝගේ ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් පතල් කම්කරුවන් මුනුදුරුක්කු ඉඩම් ආක්‍රමණය කරන බවත් ආදිවාසීහු පවසා ඇත.
ටැපජෝස් ද්‍රොණියේ ආදිවාසී ගම්මාන 112ක මුන්දුරුකුවරුන් 13750ක් පමණ වාසය කරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්රතාන්ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමසන් වනයේ පතල් කැණිම නවත්වන්නැයි ගෝත්‍රිකයෝ ජනපතිගෙන් ඉල්ලති
විජිත් Friday, 22 November 2019 09:54 AM
තමන් ඉපදුන බිම ඒ කියන්නේ තම නිජබිම දේශපාලනික බලයෙන් ,මුදල් තණ්හාවෙන් අන්ධ වුන රජයෙන්, බලෙන් අහිමි වෙමින් සිටිනා අහිංසකයින්.
Ruhunu Friday, 22 November 2019 10:02 AM
පුදුමයි මෙයාලා අද කලිසම් ඇඳගෙන ඇවිල්ලා...
Pradeep Friday, 22 November 2019 10:06 AM
මේ ගෝත්‍රික නායකයන්ට පරිසරය කෙරෙහි ඇති දැනුම සහ ලැදියාව උගත් යැයි කියාගන්නා පාලකයින්ට නොමැතිවීම කණගාටුවට කරුණක්. එදා ඇමරිකන් සුදු මිනිසුන්ට රතු ඉන්දීය නායක සියැටල් පෙන්වා දුන් කරුණු ගැන එදා ඔවුන් අවධානය යොමු කළේ නෑ. එහි ආදීනව අදටත් විඳිනවා. දැන් ලෝකයේ හදවත බඳු ඇමසන් වනාන්තරය විනාශ කරන්න හදනවා..
ලසන්ත Friday, 22 November 2019 12:16 PM
ඇමේසන් වනය ගිනිගනිද්දී එය නිවීමට විදේශ ආධාර එපා කියා කටයුතු කරන්න ඇත්තේ ඔය වැඩේට කියලා හිතෙනවා.
රවින් Friday, 22 November 2019 01:46 PM
හෝ හෝ ඔය එන්නේ. පහුගිය ටිකේ ඇමර්සන් වනය - ලෝක උරුමයක් ගිනිගෙන තියෙන හේතුව.. එළිකරන්න ගියොත් ලෝක කචල්... හොරෙන් ගිනිතිබ්බාම කවුරුන් කාට දොස් පවරන්නද? මානව හිමිකම් ජිනීවා කට්ටිය ඔය පතල් සමාගම් දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝණයක් හැටියට සලකලා සියලු සමාගම්වල මුළු අධ්යක්ෂ මණ්ඩලයම අධිකරණයෙන් ඉදිරියට ඉදිරිපත් කළයුතුවේ.