IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමසන් වනය සති තුනක් තිස්සේ ගිනි ගනී

ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරය වාර්තාගත ආකාරයෙන් ගිනිගනිමින් පවතී.
 
එය සති තුනක පමණ කාලයක් තිස්සේ, එනම් 19 වන දිනටත් තවදුරටත් ගිනි ගනිමින් පවතී. චන්ද්‍රිකා දත්ත අනුව ගිනිගැනීම් 84%ක් වර්ධනය වී ඇති බව එරට ජාතික අභ්‍යවකාශ අධ්‍යයනය ආයතනය පැවසුවේය.
 
ගොවීන් භූමිය එළිපෙහෙලි කිරීමේදී බ්‍රසීලයේ ජනාධිපති ජායිර් බොල්සොනාරො මහතා ඒ සඳහා ගොවියන්ව උනන්දු කර ඇති බවද, ඇමසන් වනය ගිනිගනිද්දී තමා නීරෝ බවට පත්ව ඇති බව ප්‍රකාශ කර ඇති බවද පැවසේ. 
 
2013 සිට මේ දක්වා වූ ගිනිගැනීම් වලින් ඉහළම අගය වාර්තාවන්නේ, ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ වූ ගිනිගැනීම් 74,000ක් සම්බන්ධයෙන් බවත්, ඇමසන් වන ප්‍රදේශය ආශ්‍රිතව වනාන්තරවල  ගිනිතැබීම් 9,500ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට වාර්තා වී ඇති බවත් ගණන් බලා ඇත. 
 
ඇමසන් වනාන්නතරය ගිනිගැනීමෙන් නැගුණු දුමාරය සාඕ පාවුලෝ නගරයේ කිලෝමීටර 2,700ක පමණ දුරකට විහිදී තිබිණි. නමුත් ඇතැම් කාලගුණ විද්‍යාඥයින් පවසා සිටියේ ඇමේසන් වනාන්තරයේ පැවතියේ, පාවුලෝ නගරයට සමීපව පිහිටි පැරගුවේ නගරයේ ඇති වූ ගිනිගැනීම් කිහිපයකින් පැන නැගුණු දුමාරය බවයි.

(බීබීසී ඇසුරිනි)
16844


 



අදහස් (5)

ඇමසන් වනය සති තුනක් තිස්සේ ගිනි ගනී

Chandana F Thursday, 22 August 2019 03:05 PM

අපට ලොවක් අනාගතයේදී ඉතිරි නොවේ... මිනිසුන්ගේ අනුවණකම් වගාවන් නිසා...

:       0       5

duFriday, 23 August 2019 12:14 PM

සංසාරය අත්හරින්න වෙලාව ඇවිත්...

:       0       2

පාගන් Friday, 23 August 2019 05:04 PM

එන්න. අපි මනු දම් පුරන්නට කැලේකට යමු. එනමුත් කැලයක් ඉතිරිව නැහැනේ..

:       0       1

NuwanSaturday, 24 August 2019 06:29 AM

වගාවන්ට වඩා එරට ජනපතිගේ හෙන්චයියලා කරන නීතිවිරෝධී පතල් කැනීම්, ගස් කැපීම් නිසා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ... ජාත්‍යන්තර නිවුස්වලට අනුව..

:       0       2

රජින්ද Saturday, 24 August 2019 11:01 AM

පෘතුවියේ පෙනහල්ල ගිනි ගනී... බ්‍රසීල ජනපති කියා තියෙනවා ඔහු වීණා වයනවා කියා...

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 151 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 98 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 109 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 36 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 871 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 232 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site