IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමරිකාවේ කළු ජාතිකයාගේ මරණයට ජනතා විරෝධය

ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මිනියාපොලිස්හි තුන්වන දිනටත් පැවති විරෝධතා අතර තුර විරෝධතාකරුවන් පොලිස් ස්ථානයට ගිනි තබා ඇතැයි වාර්තා වේ.

අත්අඩංගුවේ පසුවූ නිරායුධ කළු ජාතිකයෙක්ගේ මරණය සම්බන්දයෙන් විරෝධතා ආරම්භ වූ අතර ඇමරිකාවේ ප්‍රධාන නගර කිහිපයකම ජනතාව වීදී බැස විරෝධතාවයේ යෙදෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.

නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස්, චිකාගෝ, ඩෙන්වර්, ෆීනික්ස් සහ මෙම්ෆිස් ඇතුළු නගර බොහොමයක මෙසේ විරෝධතා පැවැත්විණ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති 46 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය සඳුඳා (25) පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් තිබිණි.

ඔහුගේ මරණයට සම්බන්ද පොලිස් නිලධාරීන් සිව්දෙනකුට මිනීමැරුම් චෝදනා එල්ල කරන ලෙස ජෝර්ජ්ගේ පවුලේ අය ඉල්ලා ඇත.

මිනියාපොලිස්හි විරෝධතාකරුවන් විසිරුවාහැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කළේය.

එහිදී සිදුවූ අනතුරු වලින් හත්දෙනකුට තුවාල සිදුවී ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

කෙන්ටකි ප්‍රාන්තයේ, බ්‍රෝනා ටේලර්ගේ ඝාතනය ඇතුළු පසුගිය කාලය පුරා සිදුවූ කළු ඇමරිකානුවන්ගේ ඝාතනය සම්බන්දව ජනතාවගේ කෝපය එල්ල වී තිබේ.


(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

ඇමරිකාවේ කළු ජාතිකයාගේ මරණයට ජනතා විරෝධය

Kumar Sunday, 31 May 2020 01:28 AM

අත්අඩංගුවට ගන්නාවිට ගෙල සිරකිරීමෙන් මරණයට පත්වුණා දෙවෙනි කළුජාතිකයා. මේ රටේ බොහෝ අවස්ථාවල ප්‍රාන්තවල රජය පොලිස් කාරයින්ගේ පැත්ත ගන්නවා. කලහකාරී තත්වය පටන්ගන්න කලින් මේ මරණය සම්බන්ධව යමක් කිරීමට මැලිකමක් පැවතුණා. ඒ විතරක් නොවේ.., මේ මරණයට හේතුවුණු ක්‍රියාව,.. ඒ කියන්නේ ගෙල සිරකරන ක්‍රම තවම තහනම් කරලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 75 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 169 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 133 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1435 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 431 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 704 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site