ඇමෙරිකාවට අයත් බී - 1බී වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා කොරියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කළ බව දකුණු කොරියාවේ යොන්හැප් ප්රවෘත්ති ඒජන්සිය පවසයි.
උතුරු කොරියාවට අනතුරු ඇඟවීම සඳහා ඇමරිකාව සහ දකුණු කොරියාව එක්ව පවත්වන දැවැන්ත යුද අභ්‍යාසයක එක් අංගයක් ලෙස මෙම යානා පියාසර කරවූ බව පැවසේ.
උතුරු කොරියානු දේශ සීමාවට කිලෝමීටර් 150ක් පමණ මෙපිටින් ඊසාන දිග ගැන්ග්වොන් පළාතේ මෙම යුද අභ්‍යාස පවත්වා ඇති අතර ගුවන් යානා 200කට වැඩි ප්‍රමාණයක් හා දහස් ගණනක යුද භටයන් මේ සඳහා සහභාගී වි ඇත. සඳුදා (4) ආරම්භ කෙරුණු යුධ අභ්‍යාස සිකුරාදා (8) දක්වා පැවැත්වීමට නියමිතය.
උතුරු කොරියාව මෙම යුද අභ්‍යාස හෙළා දැක ඇති අතර එය යුද්ධයක් සඳහා පෙරහුරුවක් බව පවසා ඇත. ට්‍රම්ප් ජනාධිපතිවරයා උමතු වී ඇති බවත් මෙය න්‍යෂ්ටික යුද්ධයකට මග පාදන ක්‍රියාවක් වනු ඇති බවත් ඔවුන් තවදුරටත් පවසා ඇත.
යුද්ධයක් ආරම්භ වුවහොත් උතුරු කොරියාව සම්පූර්ණයෙන් විනාශ වියහැකි බවට ඇමරිකාව පසුගිය සතියේ අනතුරු ඇඟවූයේ ය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමරිකාව හා දකුණු කොරියාව යුද අභ්‍යාසයක
මංගල Wednesday, 06 December 2017 11:24 AM
මේ යුධ උන්මාදයෙන් පෙලෙන අමෙරිකාව ඉතාමත් ඉක්මණින් ඉල්ලාගෙන කනවා. ලෝක ඉතිහාසයට අනුව අධිරාජ්‍යයන් විනාශ වුණා වගේ අමෙරිකාවේ පැවැත්ම ස්වභාවධර්මයට අනුව තීරණය වෙයි. අමෙරිකාව තරම් ලෝකයේ අනිත් රටවලට ඇගිල ගහපු වෙනත් රටක් නූතන ඉතිහාසයේ නැතිතරම්. රට රටවල් වල අහිංසක ජනතාවට කරන සෟජු සහ වක්රාකාර හිංසාපීඩා වලට ස්වභාවධර්මයෙන් ලැබෙන දඩුවම හිතාගන්නවත් බැරිවේවි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන බළල් අතක් අටවාගෙන අමෙරිකාවට තියෙන අයිතිය මොකක්ද තමන්ගේ රටෙන් කි.මි. දහස්ගනනකට එහා තියෙන රටක් ආසන්නයේ යූධ අභ්‍යාස පවත්වන්න. මෙතන ඇත්ත කථාව මේකයි, උතුරු කොරියාවෙන් අසල්වැසි රටවලට (විශේෂයෙන් ජපානයට සහ දකුණු කොරියාවට) න්‍යෂ්ටික තර්ජන එල්ලවනතාක් කල් අමෙරිකාවට ජපානයේ සහ කොරියාවේ කදවුරැ පවත්වාගෙන යන්න පුලුවන්. අවිගත්තෝ අවියෙන්ම නසිති.
senewi Wednesday, 06 December 2017 11:31 AM
යාබද චීනය සහ රුසියාව අස්ථාවර කිරීම සඳහා ඇමරිකාව උතුරු කොරියාව කෝප ගන්වා යුද්ධයකට පටලවා ගන්න සැලසුමක් ඇති බව පේනවා .මෙය තේරුම් ගෙන ඇති චීනය මෙයට ප්‍රති උත්තර ලෙස දැවැන්ත යුධ අභ්‍යාසයක යෙදී ඇත .
ධනුෂ්ක Wednesday, 06 December 2017 02:16 PM
අැමෙරිකාව යනු තමන්ගේ අැහේ පොල් පරාල නෙමේ පොල් ගස් තියාගෙන අනික් රටවල් පොල් කෙඳි හොයනවා. සියලුම වර්ගයේ අපරාධ එළිපිට කරන රටක්. මැරෙන්න පණ අදින සී.අයි.එ් නිලධාරියෙක් කියලා තියෙනවා, බොබ්මාලේ මිය ගිය පිළිකාවට හේතු වුණු පිලිකා කාරකය බොබ්මාලේගේ සිරුරට අැතුල් කලේ ඔහු කියලා. හැබැයි කෙදිනක දී හෝ අැමරිකාව හදපු වඩපු නයි ඔවුන්ටම කනු අැත. අැමෙරිකාව හදපු න්‍යෂ්ඨික බෝමබම තමා.... අද ඔවුන්ට එරෙහි උතුරු කොරියානු අවි වෙලා තියෙන්නේ...
chamindu Thursday, 07 December 2017 10:03 AM
කව්රු මොනවා කීවත්, ඇමරිකාවට තවම ලෝකෙම බයයි. ගොඩක් අය කියනවා අද ගහනවා, හෙට ගහනවා කියලා. ඒත් ගහපු එකෙක් නෑ...
sisiraThursday, 07 December 2017 10:42 AM
මම හිතනවා ඔබ තුමා වැරදි කියල ඔබ කියන එකේ අනික් පැත්තයි හරි ඇමරිකාව මුලුලෝකයටම බයයි සතෙක් උනත් බය හින්දයි හපාකන්න උත්සහ කරන්නේ එයාලට හැම දෙයක්ම කරන්න පුළුවන් අනික් අයට බැ එකටතමා බය කියන්නේ
senewi Saturday, 09 December 2017 11:03 AM
ඇයි බින්ලාඩන් දුන්නේ හැලෙන්න.... මතක නැද්ද ?
neela Thursday, 07 December 2017 11:27 AM
කිම් ගේ කට විතරයි. ගහනවා නම් ගහන්න පුතේ.... කියකියා ඉන්නේ නැතිව. ඇමරිකාව පස්සේ ගිහින් දියුණු වෙච්ච දකුණු කොරියාවේ වැඩට අපේ රටින් කොල්ලෝ යවන ගමන් ලංකාවේ කාලකන්නි උතුරු කොරියාව එක්ක හිට ගන්නවා. ඇමරිකාවට සහ දකුණු කොරියාවට විරුද්ධව. අපි චීනේ පස්සේ, පාකිස්තානේ පස්සේ, ඊස්රායලය, රුසියාව පස්සේ ගිහින් යුද්දේ දිනුවා වගේ දකුණු කොරියාවට, ජපානෙට, එහෙම ඇමෙරිකාව තමයි උදව් කරන්නේ. ඕක ඉතින් ලෝක ස්වභාවයනේ. මොකෝ දැන් ඉන්දියන්කාරයෝ කොටින්ට උදව් කලේ නැද්ද? බැරිවෙලා හෝ යුද්ධයක් පටන් ගත්තොත් හිඟන අපිට කෙලවෙන්නේ එහෙ ඉන්න අපේ කොල්ලන්ගේ රස්සාවට වදිද්දී. දැන් චීන්නුත් ලංකාව එක්ක යුද අභ්‍යාස කරන්නේ ඉඳල හිටලා ඉන්දියාවට පාර්ට් එක දාන්න. ඕක තමයි ලෝක දේශපාලනේ කියලා කියන්නේ.
senewi Saturday, 09 December 2017 11:13 AM
ඇමෙරිකාව දකුණු කොරියාවට උදව්වක් නෙවෙයි අනතුරක් කරන්නේ. කොරියාව දෙකට කැඩුවේ චීනයට සහ රුසියාවට බලපෑමක් කිරීමේ දේශපාලන වුවමනාවට බව දන්නේ නැද්ද? අපේ රට ඒ අයුරින්ම දෙකඩ කිරීමට ඇමරිකාව උත්සාහ ගන්න බව දන්නේ නැද්ද?
neelaSunday, 10 December 2017 10:49 AM
මේක මේ ඇමරිකාව විතරක් කරන දෙයක් නෙවේ පුතේ. කරුණාකරලා පුළුල් චිත්‍රය දකින්න. වැරදි දේ කවුරු කලත් වැරදි.