IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමරිකානු නීතිපති අවදානම් ගමනක

(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරෙනි පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා) 
 
ඇමෙරිකාවේ නීතිපති ජෙෆ් සෙෂන්ස් මහතාට රුසියාව සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර ජෙෆ් මහතාගේ තනතුරද අවදානමට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  
 
ඇමෙරිකා ජනාධිපතිවරණය සමයේදී සෙනෙට්වරයකු ලෙස සිටියදී සෙෂන්ස් මහතා දෙවරක් රුසියා තානාපතිවරයා හමු වී ඇතැයි ද වාර්තා වේ. 
 
තමා ජනාධිපතිවරණය සමයේදී රුසියානුවන් සමඟ කිසිදු සමබඳතාවක් නොපැවැත්වූ බව සෙෂන්ස් මහතා ඉකුත් ජනවාරි මාසයේ දී පවසා තිබිණි. 
  
“ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මා කිසිදු අවස්ථාවක රුසියානු බලධාරීන් හම්බ වුණේ නැහැ” යැයි ජෙෆ් සෙෂන්ස් මහතා අවධාරණය කළේය.  
 
“දිවුරුම ඉදිරියේ ජෙෆ් සෙෂන්ස් බොරු කියනවා” යැයි  ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කරන බව ද මාධ්‍ය වාර්තා කළේය.  
 
ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වීම සම්බන්ධයෙන් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) කරන පරීක්ෂණවලින් ද නීතිපතිවරයා ලෙස සෙෂන්ස් මහතා ඉවත් විය යුතු යැයි ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රකාශ කර ඇත.රුසියානු තානාපතිවරයාට අමතරව රුසියානු පාර්ශව සමඟ ද සෙෂන්ස් මහතා සබඳතා පවත්වා ඇතැයි ද ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කරයි.  
 
නීතිපති ජෙෆ් සෙෂන්ස් මහතා පසුගිය වසරේදී සෙනට් සභිකයකු ලෙස රුසියානු තානාපති සර්ගේ කිස්ලියාක් මහතා හමු වී ඇති බවට තහවුරු වී ඇතැයි වොෂින්ටන් පෝස්ට් පුවත්පතද වාර්තා කර ඇත. 
  
පසුගිය සැප්තැම්බර් මාසයේදී ජෙෆ් සෙෂන්ස් මහතා තම කාර්යාලයේදීත් ඉන් පසු තවත් අවස්ථාවකදීත් රුසියානු තානාපතිවරයා සමඟ පෞද්ගලික සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡාවලට තවත් තානාපතිවරුන් සහභාගී වී ඇති බව ට ද වොෂින්ටන් පෝස්ට් වාර්තාවේ තවදුරටත් සඳහන්ව තිබේ. 



අදහස් (0)

ඇමරිකානු නීතිපති අවදානම් ගමනක

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 60 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 47 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 51 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 24 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 837 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 123 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site