දකුණු ලිබියාවේදී අල්කයිඩා ත්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් එක්සත් ජනපදය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ රාත්‍රියේ (13) ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් 900ක් දුරින් පිහිටි උබාරි නගරය අසලදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ෆෙයිසේස් අල් සාරාජ් මහතාගේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
2011 වසරේදී නේටෝව පිටුබලය ලත් ඒකාධිපති පාලකයකු වූ මෝමර් ගඩාෆි ඝාතනයෙන් පසු ලිබියාව ප්‍රචණ්ඩත්වයෙන් විනාශ වී ගියේය.
එක්සත් ජනපද හමුදා නිරන්තරයෙන් ලිබියාවට ගුවන් ප්‍රහාර එල්ල කරන අතර ගිය වර්ෂයේ අගෝස්තු මාසයේ එල්ල කළ ප්‍රහාරයකින් ජිහාඩ්වාදීන් හිටපු ප්‍රාදේශීය නායකයකු මිය ගියේය.
ජූනි මාසයේ දී අයි එස් අනුබද්ධ ආයතනයක සාමාජිකයින් සිව්දෙනෙකු ඝාතනය කර ඇති අතර මාර්තු මාසයේ දී ජ්‍යෙෂ්ඨ අල්කයිඩා මෙහෙයුම්කරුවෙක් සහ තවත් ජිහාඩ්වරයෙක් එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලින් මිය ගිය බව පෙන්ටගනය තහවුරු කළේය.
(63226)
ඒ එෆ් පී ඇසුරෙනි
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අල්කයිඩා ත්‍රස්තවාදීන්ට එක්සත් ජනපදයෙන් ගුවන් ප්‍රහාර
anura Thursday, 14 February 2019 06:33 AM
ගඩාපි එළවලා ඔය ත්‍රස්ත වාදීන්ට රට භාර කළේ එක්සත් ජනපදයයි. එදා හිලරි ක්ලින්ටන් ඇවිත් ලිබියානු ජාතිකයන්ට කිව්වේ අපි ඔයගොල්ලන්ව මුදවා ගත්තයි කියලයි. අද ලිබියාව අපායක්. එක්සත් ජනපදය අපේ රටටත් කළේ ඔය දේමයි. තව ටික කලකින් ලංකාවත් නූතන ලිබියාව තත්වයට පත්වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා.
කෝලිත Thursday, 14 February 2019 07:41 AM
ගඩාෆි තනියෙන් හිඟන රටක් වෙලා තිබුණු ලිබියාව ලෝකයේ පෝසත් රටක් කළා... ලිබියන් තෙල් අරගන්න බටහිරයෝ කුමන්ත්‍රණ කරලා ගඩාෆි මැරුවා... දැන් ලිබියාව ගොඩගන්න මොකෙකුටවත් බෑ... ලංකාවට කරන්න යන්නෙත් ඔය ටිකම තමයි..