IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අමෙරිකාව හුදකලා වෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී/රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස හඳුනාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති එක්සත් ජාතීන්ගේ විශේෂ ආරක්ෂික කවුන්සිල හමුවේදී ඇමෙරිකා එක්සත් ජනපදය හුදකලා වී තිබේ. 
 
ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලෙම පිළිගන්නා බවත් තෙල් අවීව් නුවර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලෙම වෙත ගෙන යන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් දා ප්‍රකාශ කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමඟ මැද පෙරදිග අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර අතට හැරිණි.
 
ලෝක සාමය පවත්වාගෙන යෑම සහ රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන තීන්දු තීරණ ගන්නා කවුන්සිලය වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එක්සත් ජනපදය ගත් තීරණය ප්‍රතික්ෂේප කර තිබේ. 
 
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවන්නැයි එම කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් ඇතුළු ප්‍රමුඛ රටවල් 15න් 8ක් පසුගිය සිකුරාදා ප්‍රකාශ කර තිබිණි. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය දශක ගණනාවක් ජෙරුසෙලම සම්බන්ධයෙන් මැදිහත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණයත් සමඟ එම ප්‍රතිපත්තිය බිඳ වැටිණි. 
 
ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී දැඩි විවේචනයට ලක්වී තිබේ. 



අදහස් (9)

අමෙරිකාව හුදකලා වෙයි

himal Sunday, 10 December 2017 01:28 PM

නිෂේධ බලය හිමි නිසා අනෙක් සියලුම රටවල් එරෙහි වුවත් තීරණය වලංගුයි.

:       169       131

indika Monday, 11 December 2017 05:01 AM

හොදට හිතට එකගව හිතල බැලුවොත් ඔබ දකී ඇමෙරිකාව ලෝක බලය සමතුලිත කරන්න ටිකක් හරි උදව් කරනවා.

:       275       335

janahitha Monday, 11 December 2017 07:19 AM

ඊශ්‍රායලය ලෝකයේ විශිෂ්ටතම රටකි.

:       647       1214

senewi Monday, 11 December 2017 12:59 PM

උතුරු කොරියානු නායකයාව සමහර අය උන්මන්තකයෙකු ලෙස හැඳින්වුවද ලොව පුරා යුධ ගිනි අවුළුවන නියම වර්ගවාදී සහ ආගම්වාදී පුද්ගලයා ට්‍රම්ප් බව නම් පැහැදිළියි.

:       295       117

ධනුෂ්ක Monday, 11 December 2017 04:30 PM

ඉන්දික එ්ක බල තුලනයක් නෙමේ. අැමරිකාව පමණක් බලවතා වීමේ වුවමනාව. අැමරිකානු වෙළඳපලට විවර නොවන ඔවුන්ට අවනත නොවන. ස්ථාවර, ශකිතිමත් ස්වංපෝෂිත රටක් පවතීද කුමන හෝ තුරුම්පුවක් යොදා එම රට අස්ථාවර කරනු ලබයි. රටක කර්මාන්ත හා නිෂ්පාදන කඩා වැටී සියලු අාකාරයේ ගැටළු පැන නැගුනු විට පුලුවන් ආයුධ අැතුළු සියල්ල එම රටට විකිණීමට හා රටේ දේශපාලනයට අැඟිලි ගැසීමට. අනික් රටවල් දුප්පත් වන තරමට, අවුල් වන තරමට එ්ක අැමරිකාවට වාසි දායකයි. රටකට ඔවුන් නැගිටින්න දෙන්නේ ඔවුන්ගෙන් මිළ දී ගැනීමේ සීමාව පවතිනකන් පමණි. එ්ක තමා ධනවාදයේ ම්ලේච්චත්වය.

:       164       73

indikaTuesday, 12 December 2017 02:18 AM

ඇමෙරිකාව කවදාවත් තනි බලයක් වෙන්නේ නැහැ. රුසියාව, එංගලන්තය, චීනය , ඉන්දියාව සහ සමහර මුස්ලිම් රටවල් එයට ඉඩ දෙන්නේ නැහැ. නමුත් ඇමරිකාව නැති උනොත් අනිත් රටවල් උවමනාවට වඩා ඉහල යනවා.

:       2       106

kanthi serasinghe Tuesday, 12 December 2017 10:08 AM

ඉස්ශ්‍රාලය කියන්නේ ලෝකයේ තියෙන ජරාම ජරා නොම්බර එකේ ත්‍රස්තවාදී රටයි...

:       572       51

sunil Tuesday, 12 December 2017 10:48 AM

කරුණා කරලා අපිට විස්තර කරලා දෙනවාද ලෝකේ තියෙන ජරාම ජරා නොම්බර එකේ ත්‍රස්තවාදී රට ඊශ්‍රායලය කියා කියන්න හේතු මොනවද කියාලා. අපිත් දැනගන්න කැමතියි ඒ ගැන ඔබ තුමියගෙන්. අඩුම ගන්නේ එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් ගෙන් ජයගන්න මේ රටට ලැබුණ කෆීර් ගුවන්යානයත් අපිට ලැබුනේ ඔබ තුමිය කියන ඒ ත්‍රස්තවාදී ජරාම ජරා රටෙන් කියල ඔබතුමිය දන්නේ නැතිව ඇති. අපේ රටෙත් ත්‍රස්තවාදයට විරුද්ධව අපේ රණ විරුවන් සටන් කරනකොටත් ඔබ තුමියට හිතුනාද අපිත් ජරාම ජරා ත්‍රස්තවාදී රටක් කියාලා?

:       2       347

KANDEPOLA Wednesday, 13 December 2017 05:33 AM

දැනට ලෝක බලවතාගේ, පොලිස් කාරයාගේ චරිතයට පන පොවන්නේ ඇමෙරිකාව වුනත්, ඒ තත්වයට එන්න තව ගොඩක් අය උත්සහ කරනවා. ඇමෙරිකාව තමන්ගේ තත්වය පවත්වාගන්න විටින් විට සමහර නොමනා දේවල් කරත් මේ ඉන්න පොලිස්කාරය ගොඩක් හොඳයි, ඒ තත්වයට එන්න බලන් ඉන්න අනෙක් රටවල් වලට වඩා. ගොඩක් දෙනෙක් මගේ එක්ක එකඟ වෙන්නේ නැති වෙයි. හැබැයි චීනය, කොරියාව, ඉන්දියාව වගේ යුරෝපීය නොවන රටක් ලෝක බලවතා වුනොත්, ටිකක් හිතලා බලන්න මොන වගේ ක්‍රියා කරයිද කියලා. ලෝකේ අපි වගේ කුඩා රටවල් වලට ඔවුන් කොහොම සලකයිද..?

:       2       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 231 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 100 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8002 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 94 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 408 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 729 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site