IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අබ්දුල්ලා යමීන්ට මැතිවරණයට කලින් ඩොලර් මිලියන 1.5ක් ලැබිලා

කොළඹදීය (ඒ.එෆ්.පී)

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන්ට නීතිවිරෝධි ආකාරයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලැබී ඇතැයි චෝදනා එල්ල වී ඇත.

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ නමට තිබෙන පෞද්ගලික ගිණුම් දෙකකට අදාළ මුදල් බැර වී ඇති අතර මේ සම්බන්ධයෙන් එරට මූල්‍ය අධිකාරිය (එම්.එම්.ඒ) පොලිස් පැමිණිල්ලක් කර ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි.

එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ යමීන්ගේ ප්‍රකාශක ඊබ්‍රහිම් මුවාස් මැතිවරණ ප්‍රචාරණ අරමුදල් වෙනුවෙන් ජනාධිපතිවරයා වෙනම ගිණුමක් පවත්වාගෙන ගිය බව සඳහන් කළේය. කෙසේ නමුත් ඔහු එලෙස මුදලක් ලැබුණු බව හෝ එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේ හෝ නැත.

කිසිදු වරදක් සිදු ව නැති බව මාලදිවයින් මූල්‍ය අධිකාරියේ අධිපතිවරයා ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බවත් බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පැමිණිල්ල ඉවත් කරගත් බවත් මුවාස් තවදුරටත් කීය.

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවත් තවමත් මාලදිවයිනේ ජනාධිපතිවරයා අබ්දුල්ලා යමීන්ය. ඔහුගේ නිල කාලය අවසන් වන්නේ නොවැම්බර් 17 වැනිදාය. ඔහු තම පාලන කාලය තුළ දී මෙන්ම ජනාධිපතිවරණය සමයේදීද චීනයේ දේශපාලන හා මූල්‍ය සහාය මත යැපිණි. 

මාලදිවයිනේ තමන්ට හිතවත් ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් පත් කරගැනීම සඳහා චීනය සහ ඉන්දියාව බල අරගලයක නිරත වී සිටිති.

අසල්වැසි ශ්‍රී ලංකාවේ ද මේ ආකාරයේම සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 2015 වසරේදී චීන රජයට අයත් සමාගමකින් මැතිවරණ ප්‍රචාරණ අරමුදල් ලෙස ඩොලර් මිලියන ගණනක් ලැබුණු බවට චෝදනා එල්ල වූ අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

055

 



අදහස් (4)

අබ්දුල්ලා යමීන්ට මැතිවරණයට කලින් ඩොලර් මිලියන 1.5ක් ලැබිලා

අතුල Friday, 05 October 2018 02:15 PM

මිලියන 1.5 වගේද මිලියන 7.2... එ්ත් ඔය වගේම මැතිවරණයට කලින් තමයි.

:       1       1

DM Saturday, 06 October 2018 09:47 AM

ඒ.එෆ්.පී ලංකාව ගැන වාර්තා කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට 2015 වසරේදී ලැබුණු මුදල් ගැන පමණි. ඔවුන් සරත් ෆොන්සේකාට සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට අමෙරිකාවෙන් ලැබුණු මුදල් ගැන කතා නොකරන්නේ ඇ යි?

:       1       18

සතයපාලSunday, 07 October 2018 01:32 PM

මැතිවරණ ව්‍යාපාර සඳහා විදේශීය මුදල් ලබා ගැනීම අද බොහෝවිට සිදුවන්නක් වන අතර විශේෂයෙන් පවතින රජයේ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ලබාගත් ආයතන වලින් මුදල් ලබා ගැනීම අල්ලස් හා කොමිස් මුදල් බවට තීරණය කළ හැකිවන අතර එය අල්ලස් පනත යටතේ වරදක් ලෙස සැළකිය හැකිය.

:       0       13

lalith Saturday, 06 October 2018 11:00 AM

කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 722 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 116 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 283 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 468 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site