අඟහරු වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් බවට පරිවර්තනය කිරීමට අඟහරු ග්‍රහයාට යැවුණු ‘පර්සිවියරන්ස්’ රොබෝ යානය සමත් වුණු බව නාසා ආයතනය ඊයේ (22) පැවැසීය.
අඟහරු වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උරා ගනිමින්, ඒවායින් ඔක්සිජන් නිපදවීමක් කළ පළමු ඓතිහාසික අවස්ථාව මෙයයි.
එපමණක් නොව, පෘථිවි විද්‍යාඥයන්, විශ්වයේ ග්‍රහලොවක ඔක්සිජන් නිපදවීමක් කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
‘පර්සිවියරන්ස්’ යනු රෝද හයකින් සමන්විත රොබෝ රෝවර් යානයකි. මෙම යානය අඟහරු මතට පතිත කළේ පසුගිය පෙබරවාරියේය.
‘පර්සිවියරන්ස්’ අති නවීන තාක්ෂණයෙන් නිපදවන ලද උපාංග රැසකින් සමන්විත වෙයි.
කාබන්ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් නිපදවීමට, ‘මොක්සි’ යන කෙටි නමින් විශේෂ උපාංගයක්, ‘පර්සිවියරන්ස්’ රෝවරයට සවි කර තිබේ.
මෙම උපාංගය ප්‍රමාණයෙන් කාර් බැටරියක් තරම්ය. මෙය සවි කර ඇත්තේ ‘පර්සිවියරන්ස්’ රෝවරයේ දකුණු දෙසිනි. ‘මොක්සි’ උපකරණය ගසක් වැනිය.
ගසක ප්‍රභාසංස්ලේෂණය සිදුවන අයුරින් කෘත්‍රිමව ‘මොක්සි’ උපකරණයෙන් කාබන්ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් නිපදවීම සිදු කෙරේ.
නාසා ආයතනයේදීය (රොයිටර්)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අඟහරු ගිය නාසා යානය ඔක්සිජන් හදලා
anula Thursday, 22 April 2021 10:00 AM
ලෝකයේ ඔක්සිජන් නැතුව මිනිස්සු මැරෙනවා ... මෙයාලා අඟහරු ලොවේ ඒවා නිපදවනවා.
K PereraThursday, 22 April 2021 02:55 PM
ඔක්සිජන් කන්නද? මේවා ලෝකයට කෙසේවුවත් ලංකාවට නම් අදාළ නැහැ හොඳේ...
udayaThursday, 22 April 2021 07:43 PM
ඔව් ඉතින් කන්න තිබ්බොත් වෙන මොනවත් ඕනෑ නැහැ අපේ අයට...
Ras Thursday, 22 April 2021 05:26 PM
ඔක්කොම කියන්නේ මේ පළමු අවස්ථාව කියලා. මීට අවුරුදු ලක්ෂ 200,000 කට විතර කලිනුත් ඔය සෙල්ලම කළා. තවත් ඉදිරියට ගිහිල්ලා ආලෝක වර්ෂ දහස් ගණනක් ඇතින් තිබෙන ග්‍රහලෝකවල නිවාඩු නිකේතනත් හැදුවා. අන්තිමට පරිගනයක දෝෂයක් නිසා ඈත අභ්‍යාවකාශයේ දවා තිබු න්‍යෂ්ටික අවි ටික ඇවිල්ලා හිටපු ජීවින්ගෙන් 97% ක් විනාශ වෙලා ඉතුරු ජීවින් ටික නව ගල්යුගයකට ගෙනිච්චා. තව අවුරුදු 1600ක් විතර ගියාම ඔය සිදුවීම ආපහු සිදුවෙනවා. සියලු විනාශයන් වෙන්නේ මනුෂ්‍යාගේ තිබෙන සැකය සහ අධික තණ්හාව නිසා..