IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටුවීම නීතියට පටහැණිය

පාර්ලිමේන්තුව සති පහකට කල් තැබීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගත් තීරණය නීතිවිරෝධී යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 11 දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් ඒකමතිකව එම තීන්දුව දුන්නේය.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ යැයි යැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළ අතර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තිබෙන මොහොතක අගමැතිවරයාගේ තීරණය නීතිවිරෝධී සහ පාර්ලිමේන්තුවට වගකීමෙන් බැහැර වීමට ගන්නා ලද උත්සහායක් යැයි ද  ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය පසුගියදා තීන්දු කළේය.

එම තීන්දුවට එරෙහිව බ්‍රිතාන්‍ය ආණ්ඩුව අභියාචනයක් ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (24) විභාගයට ගැනුණේ එම අභියාචනයයි.

“ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට සිදු වූ බලපෑම ඉතා ප්‍රබල” යැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති ලේඩි හේල් මහත්මිය සඳහන් කළාය.

“කිසිදු සාධාරණ හේතුවකින් තොරව අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කටයුතු කරගෙන යෑමට තිබෙන හැකියාව නවත්වමින් පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී බවට මහ රැජිණට දැනුම් දෙන බව” ල්ඩි හේල් මහත්මිය ප්‍රකාශ කළාය.

තීන්දුවට කිසි ලෙසකින් වත් එකඟ නොවන නමුත් ඊට ගරු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමඟ බොරිස් ජොන්සන්ට බි්‍රතාන්‍ය අගමැති ධුරය අහිමි වීමේ අවදානමක් ද හටගෙන තිබේ.

ඒ.එෆ්.පී/බී.බී.සී. ඇසුරිනි/රොයිටර්ස්

055

 



අදහස් (2)

අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටුවීම නීතියට පටහැණිය

රවින් Wednesday, 25 September 2019 04:21 AM

මෙම බොරිස් ජෝන්ස් පොදු නීති උල්ලංඝනය කිරීම්, කට වාචාල දෙඩීම් ඇතුළු සෑහෙන චෝදනාවලට ලක් වුණු පුද්ගලයෙක් නේද?

:       0       0

rasika Wednesday, 25 September 2019 04:17 PM

තමන්ට ඕන දේ කෙසේ හෝ කරන්නට දක්ෂයෝ.....

:       0       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 120 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 86 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 90 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 35 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 858 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 126 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site