IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


2022 දී නව ඉන්දියාවක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ වසර 2022 දී නව ඉන්දියාවක් ගොඩනගන බව භාරතීය ජනතා පක්ෂය අද (9) ප්‍රකාශ කළේය. 


මේ දිනවල පැවැත්වෙන එම පක්ෂයේ ජාතික විධායක රැස්වීමට සමගාමීව අද (9) ඒ වෙනුවෙන් යෝජනාවක් ද සම්මත කර ගත්තේය. 


භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු සහ ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන රාජ්නාත් සිං ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව අදාළ යෝජනාව සම්මත කරගෙන තිබේ.


අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ‘2022 දී නව ඉන්දියාවක්’ යනුවෙන් අදාළ යෝජනාව නම් කරනු ලැබ තිබේ. 


වසර 2022 වනවිට නව ඉන්දියාවක් ගොඩනගන බවත් අද වනවිට විපක්ෂයට නායකයකු හෝ ප්‍රතිපත්තියක් හෝ නැති බවත් අදාළ යෝජනාව සම්මත කරගනිමින් භාරතීය ජනතා පක්ෂය සඳහන් කළේය. දැනට ඉන්දියාවේ සිටින වඩාත් ජනප්‍රියම නායකයා අගමැති නරේන්ද්‍ර මෝදි යැයි ද භාරතීය ජනතා පක්ෂය තවදුරටත් සඳහන් කර ඇත. 


භාරතීය ජනතා පක්ෂය පරාජය කිරීමේ විපක්ෂය සැලැස්ම සිහිනයක් පමණක් යැයි ද භාරතීය ජනතා පක්ෂය සඳහන් කළේය. 


පසුගිය වසර හතරක කාලයේදී ආණ්ඩුව සංවර්ධන වැඩ රැසක් සිදු කර ඇතැයි භාරතීය ජනතා පක්ෂය අද (9) සම්මත කරගන්නා ලද යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රකාශ් ජාව්දේකර් පැවැසීය.


“මේ ආණ්ඩුවට දැක්මක්, වුවමනාවක් තිබෙනවා. මේ ආණ්ඩුව ඉදිරිය ගැන හිතනවා. අපේ ආණ්ඩුවට යටතේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ අපි 2022 දී අලුත් ඉන්දියාවක් ගොඩනගනවා.  වසර 2022 දී අපි ත්‍රස්තවාදය නැති, ජාතිභේද නැති කුලභේද නැති රටක් බිහි කරනවා. වසර 2022 දී ඉන්දියාවේ හැමෝටම නිවසක් තිබෙනවා. එදාට නිවසක් නැති කවුරුවත් නැහැ” ජාව්දේකර් කීය.  

ද හින්දු අනුග්‍රහයෙනි
055



අදහස් (2)

2022 දී නව ඉන්දියාවක්

ලලනී ගුනවර්ධන Sunday, 09 September 2018 05:06 PM

ඔන්න ඉතින් ඔයත් අපේ අය අනුගමනය කරමින් විහිලු කරන්න පටන් අරගෙන වගෙයි.

:       0       15

Bamunuarachchi Monday, 10 September 2018 10:48 AM

හෙට අනිද්දා වෙන වැඩ නැහැ අවුරුදු ගණන්වලින් පස්සේ වෙන වැඩ. මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ මෙහෙම කීවාම වැඩකර ගන්න මේගොල්ලන්ව මිනිස්සු තියා ගනී කියලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 683 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 115 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 277 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1509 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 460 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site