13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැයිවාරය බෙයිජිංහි දී ආරම්භ වෙයි.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීනයේ පක්ෂ සහ රජයේ නායකයෝ එම සැසිවාරයට සහභාගී වූහ.
ඊට එක්වූ සමස්ත නියෝජිතයින් සංඛ්‍යාව 2897 කි.
කොරොනා වසංගතය හේතුවෙන් චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය වසර 22 කට පසු මැයි මාසයට කල් දැමූ පළමු අවස්ථාව මෙයයි.
ආරම්භක උත්සවයේදී සියලුම නියෝජිතයෝ ප්‍රථමයෙන්ම කොරොනා වසංගතය පරාජයට පත් කිරීමේදී දිවි පිදූ වීරවරයින් සහ වසංගතය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් නිශ්ෂබ්දතාවක් සුරැකූහ.
චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා සැසිවාරයට ගිය වසරේ චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළ අතර මෙම වසරේ කාර්ය වැඩසටහන් පිළිබඳ යෝජනා පරීක්ෂා කර සාකච්ඡා කිරීම සඳහා සැසිවාරයට ඉදිරිපත් කෙරිණ.
නීති සම්පාදනයට සම්බන්ධ න්‍යාය පත්‍රය ද මෙවර සැසිවාරයේදී පරීක්ෂා කර සාකච්ඡාවට ලක් කෙරේ. සිවිල් නීති සංග්‍රහය පිළිබඳ කෙටුම්පත සහ හොංකොං විශේෂ පරිපාලන කලාපය ජාතිකාරක්ෂාව සහතික කිරීමේ නීති ක්‍රමය හා මෙහෙයුම් පද්ධතිය බිහි කිරීම පිළිබඳ තීන්දු කෙටුම්පත ද ඊට ඇතුළත් ය.
රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණ පිළිබඳ තුන්අවුරුදු ක්‍රමෙව්දය ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම් වන බව අද සාකච්ඡාවට ඉදිරිපත් කෙරුණු වසර 2020 චීන රාජ්‍ය කාර්ය වාර්තාව පවසයි.
මේ වසරේ චීනය නිෂ්පාදන කර්මාන්තයේ අධිශ්‍රේණිකරණය සහ නව කර්මාන්ත සංවර්ධනය ඉදිරියට ගෙන යනු ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් පැවසීය.
ඒ අතරම චීනය සියලුම දිළිදු ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට කටයුතු කරන අතර සෙසු දිළිදු කෝරළවල හා ගම්මානවල දුෂ්කරතා විසඳීමේ උත්සාහයන් තීව්ර කළ යුතු බව රාජ්‍ය කාර්ය වාර්තාව පවසයි.නව කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා විශේෂ රාජ්‍ය ණය බැඳුම්කර යුආන් ට්‍රිලියනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවද චීන අග්‍රාමාත්‍යවරයා කියා සිටී
චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් අන්තර්ජාතික නීතිය පදනම් වන ජාත්‍යන්තර පද්ධතිය හා ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කරන අතර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරන බවයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසි වාරය බෙයිජිංහිදී