වතිකාන නරගයේදීය (රොයිටර්)
 
ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුව කොරියානු අර්ධද්වීපයේ සාමයට පමණක් නොව ලෝක සාමයට ද මග කියනු ඇතැයි අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. 
 
සතිපතා ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමින් අති උතුමෝ පාප්තුමෝ එම කරුණු කීහ. 
 
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙසේ ද කීහ. 
 
“තවත් එක් වරක් කොරියාවේ ආදරණීය ජනතාවට විශේෂ ආදරයක් සහ මිත්‍රත්වයක් හිමිවිය යුතුයි. 
 
ඒ වගේම අපි ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ යුතුයි. 
 
මේ හමුව කොරියානු අර්ධද්වීපයට මෙන්ම ලෝක සාමයටත් මග කියනු ඇතැයි මා විශ්වාස කරනවා”. 
 
(055)