මියාමිහිදීය (ඒ.එෆ්.පී)
 
ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සෑම පාසලකටම පොලිස් නිලධාරියකු යොදවන්නැයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අද (23) නියෝග කළේය. 
එම නියෝගයට අමතරව තුවක්කු මිලදී ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 18 සිට 21 දක්වා ඉහළ නැංවීමට ද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ. 
 
පාක්ලන්ඩ් හි සිදු වූ වෙඩි තැබීමෙන් පසු මෙම පියවර ගැනීමට ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර රික් ස්කොට් තීරණය කර තිබෙන අතර ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයකු වීම ද විශේෂත්වයකි. 
 
“සෑම පාසලකමටම පොලිස් නිලධාරියකු යොදවන්නැයි මම නියෝග කරනවා. ඒ වගේම ගිනිඅවි මිලදී ගැනීමේදි සලකා බලන වයස් සීමාව අවුරුදු 21 හෝ ඊට වැඩි විය යුතු යැයි ද නියෝග කරනවා. තුවක්කු මිලදී ගන්නන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට ද අපි කටයුතු යොදනවා” යැයි පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කීවේය.  
 
055