ඉන්දියාවේ කල්කටා නගරයේ අත්හැරදැමූ ඉඩමක තිබී ළදරුවන් 14 දෙනකුගේ සිරුරු හා කළල කිහිපයක් හමුවී ඇත.

මෙම සිරුරු සියල්ල වෙන වෙනම ප්ලාස්ටික් කවර වල ඔතා බෑග් දෙකක දමා තිබී ඇති අතර ඉදිකිරීම් කටයුත්තක් සඳහා භූමිය පිරිසිදු කළ කම්කරුවන් පිරිසකට මේවා හමුවී ඇතැයි වාර්තා වී ඇත.

මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසු ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසයි.

මළ සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන අතර සිරුරු රසායනික ද්‍රව්‍යක පොඟවා තිබුණු බව සොයාගෙන ඇත. 


ගබ්සා කිරීමේ ජාවාරමක් ආසන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවට සාක්ෂි ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරන අතර සීසීටීවි දර්ශන විශ්ලේෂණය කරමින් පවතින බවද සඳහන් කරයි.

(බීබිසී ඇසුරිණි - 085)