හිමාලය කඳුවැටිය තරණය කිරීමට ගොස් අතුරුදන්වූ අටදෙනාගෙන් පස්දෙනකුගේ සිරුරු  තිබෙන ස්ථානය සොයාගත් බව ඉන්දිය බලධාරීහු පවසති.

ගුවන් හමුදා හෙලිකොප්ටරයක් එම ස්ථානය හඳුනාගෙන ඇති නමුත් අනෙක් තිදෙනාට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිරුරු හතරක් සමීපයේ වැටී තිබෙන බවත් එක් සිරුරක් මදක් ඈතට වන්නට වැටී තිබෙන බවත් දුටු බව ගුවන් හමුදාව පවසයි.

පිරික්සීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කරන නමුත් මොවුන් අටදෙනාම මියයන්නට ඇතැයි උපකල්පනය කරන බව ඉන්දීය බලධාරීහු පවසති.

හිමාලය කඳුවැටියේ දෙවැනියට උසම නන්දාදේවී මුදුන තරණය කිරීමට යෑමේදී හිමකඳු කඩාවැටීමක් හේතුවෙන් මොවුන් අනතුරට ලක්විය.

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)