(බී බී සී පුවත් ඇසුරිණි-085)

වෙනිසියුලාවේ රජයට සහ ජනපති නිකොලස් මදුරෝ මහතාට එරෙහිව පැවැත්වූ විරෝධතාවයක් පොලිසිය විරෝධතාවය මැඩපැවත්වීමට යෑමේදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇත.

කරකාස් අගනුවඑ විරෝධතාවයේ යෙදුන තරුණයෙකු හා කොලොම්බියානු දේශසීමා ආසන්නයේ ශාන්ත ක්‍රිස්ටෝබල්හි කාන්තාවක මෙලෙස මියගොස් ඇත.

ජනාධිපතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් සහ සිරගත කරන ලද විපක්ෂයේ දේශපාලකයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පැවැත්විණි.

ජනාධිපතිවරයා චෝදනා කරන්නේ විපක්ෂය පොලිසියට පහරදෙමින් හා වෙළඳ සැල් කොල්ලකමින් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන බවයි.