වායු දූෂණයෙන් සෑම වර්ෂයකදීම ලොව පුරා මිලියන 7ක්  මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
පෝලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්මේලනයයේ දී මෙම වාර්තාව එළිදක්වා ඇත.
 
පොසිල ඉන්ධන දහනය වායු දූෂණය වීමට ප්‍රධාන වශයෙන් බලපායි. මේ නිසා ඇඳුම, පෙනහලු පිළීකා, ආඝාතය වැනි රෝග තත්ත්වය ඇතිවේ.
 
ගෝලීය වශයෙන් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.1 ක සුභසාධන පාඩුවක් සිදුවේ.  
 
පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමෙන් වායු දූෂණය අඩුවීම සහ මිනස් ජීවිත සුරැකෙන බව වාර්තාව පෙන්වා දෙයි.
 
කාලගුණික වෙනස අවම කිරීම සෞඛ්‍ය ආරක්ෂා කිරීමට පියවරක් බව  සම්මන්ත්‍රණ ශාලාවේදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂක, පාරිසරික හා සමාජ නිර්ණයන් පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය මාරියා නීරා පැවසුවාය. 
 
මේ සඳහා සියලුම රටවල් ඒකාබද්ධ උත්හසහයක් ගත යුතු බවත්, ප්‍රමාද නොවී මේ සඳහා ක්‍රියාත්මක විය යුතු බවත් ඇය පැවසුවාය.  
 
 
 
(63226 )