අවුරුදු 88 ක් ජීවත් වූ දක්ෂානි නමින් හැදින්වෙන ලොව වයස්ගතම හස්තියා මියගොස් ඇති බව වාර්තා වේ.

කේරල ප්‍රාන්තයේ  මහා දේවලයේ  සිටි මෙම හස්තියා විහාරස්ථානවල උත්සව සඳහා සහ පෙරහැරවල් සඳහා සහභාගී වී ඇත. 

පෙරවාරි 05 දින සිට හස්තියා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව හස්තියා භාරව කටයුතු කළ පශු වෛද්‍යවරයා පැවසුවේය. 

මෙම හස්තියා වසර ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රසිද්ධ උත්සවයක් සඳහා සහභාගි වී නොමැති බව දේවාල කාර්ය මණ්ඩලය පවසති.

ආසියානු හස්තීන්ගේ ආයු අපේක්ෂාව ඉතා ඉහළ අගයක් ගන්නා අතර අවුරුදු 85 ත් 90 ත් අතර වේ.

2003 දී තායිවානයේ සත්වෝද්‍යානයේදී  මියගිය අවුරුදු 86ක් වයසැති හස්තියා දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාවට සේවය කර ඇත. 

බීබීසී ඇසුරෙනි 

(63226)