ලිබියාවේ දකුණු දිග මර්සාක් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් 43 දෙනකු මියගොස් 51දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ නැගෙනහිර ලිබියානු ජාතික හමුදාව විසින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

අණදෙන නිලධාරී කලීෆා හෆ්ටා විසින් මෙහෙයවන නැගෙනහිර ලිබියානු ජාතික හමුදාව විසින් එල්ල කරන ලද දෙවන විශාලම ප්‍රහාරය මෙය බව ද ඔවුහු චෝදනා කරති

පසුගිය ජූනි මාසයේදී රැඳවුම් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් සරණාගතයින් 44 දෙනකු මියගිය අතර එය සිදුකරන ලද්දේද නැගෙනහිර ලිබියානු හමුදාව විසින් බවට චෝදනා එල්ල විය.

මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් ලිබියානු ජාතික හමුදාව පවසා ඇත්තේ මර්සාක් නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ නමුත් එය කිසිසේත්ම සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගෙන සිදු නොකල බවයි.

කෙසේවුවද ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් 43දෙනකු මියගිය බව මර්සාක් නගර සභා සභිකයෙකු රොයිටර් පුවත් සේවයට තහවුරු කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)