ලිබියාවට නුදුරින් මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 90ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ බෝට්ටුවේ ගමන්ගත් අයගෙන් දිවිබේරාගැනීමට හැකිවි ඇතිතේ තිදෙනකුට පමණක් බවයි. 

 
සිරුරු 10ක් වෙරළට ගොඩගසා තිබූ බව ද පැවසේ.  දිවි ගලවාගත් පිරිස පවසා ඇත්තේ බෝට්ටුවේ ගමන්ගත් අයගෙන් වැඩි පිරිසක් පකිස්ථාන ජාතිකයන් බවයි.
 
මෙම උපද්‍රව සහිත මාර්ගය හරහා ඉතාලියට ගමන්කිරීමට පැමිණෙන පාකිස්ථානුවන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බව බලධාරීහු පවසති.
 
(රොයිටර් ඇසුරිණි - 085)