බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර තේම්ස් නදිය ආසන්නයේ තිබී දෙවන ලෝක යුධ සමයට අයත්යැයි සැලකෙන බෝම්බයක් සොයාගැනීම හේතුවෙන් ලන්ඩන් නුවර ගුවන්තොටුපල තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇත. 

බලධාරින් පවසන්නේ ජර්මනියේ නිශ්පාදිත එම බෝම්බය කිලෝ ග්‍රෑම් 500ක පමණ  බරින් යුතු බවයි. ජෝර්ජ් වී ඩොක් නම් ස්ථානයේ තිබී බෝම්බය සොයාගෙන ඇත.

බොම්බය එම ස්ථානයෙන් ඉවත් කරන තෙක් ඉරිදා (11) දිනය පුරාම ගුවන්තොටුපල වසා දැමුනු අතර සියලුම ගුවන් ගමන් අවලංගු කරනු ලැබිණි. බලධාරීන් පවසන්නේ මේ හේතුවෙන් 16000ක පමණ මගීන් පිරිසක් අපහසුතාවයට පක්වූ බවයි. 


(බීබිසී ඇසුරිණි - 085)