යේමනයේ වයඹ දිග කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් දරුවන් 22ක් ඇතුළුව 30දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
ගුවන් ප්‍රහාර වලට බියෙන් වාහනයකින් පලාගිය පවුල් හතරක සාමාජිකයන් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් දිවි ගලවාගැනීමට දිවගිය පිරිසකට මරණය අත්වූ බවත් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
බදාදා එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් හතරදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇත.
 
සති කිහිපයකට පෙර පාසැල් දරුවන් ගමන් කළ බස් රථයකට එල්ලවූ ගුවන් ප්‍රහාර වලින් දරුවන් 40ක් මියගියහ.
 
යේමනයේ මෙම ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබන්නේ සවුදි ඒකාබද්ධ සංවිධානය විසිනි.
 
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)