මධ්‍යධරණී මුහුද හරහා යාත්‍රා කළ සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට එපිටින් මුහුදු තීරයේදි ගිලියෑමෙන් 64දෙනකු පමණ මියගොස් ඇතැයි එම ප්‍රදේශයේ ක්‍රියාත්මක මානවහිමිකම් සංවිධාන පවසයි.

 මෙම යාත්‍රාවේ සංක්‍රමණිකයන් 150ක් පමණ ගමන් කර ඇති අතර යාත්‍රාව අනතුරට පත්වීමෙන් පසු 86දෙනකු බේරාගත් බවත් මියගිය අට දෙනකුගේ සිරුරු හමුවූ බවත් වාර්තා වී ඇත.
 
එක් පවුලක 11දෙනකු මෙම යාත්‍රාවේ ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් අට දෙනකු මියගොස් ඇතැයි වෙරළ ආරක්ෂක නිලධාරීන් පවසයි. ඔවුන් පවසන්නේ 2018 වර්ෂයේ වාර්තා වූ ප්‍රථම අනතුර මෙය බවයි.
 
2017 වර්ෂයේ දි මධ්‍යරණී මුහුද තරණය කිරීමට ගිය සංක්‍රමණිකයන් 3116දෙනකු මියගොස් ඇති අතර මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙය සංක්‍රමණිකයන්ට මාරාන්තික  ගමන්මාර්ගයක් වී ඇති බවයි.
 
(සීඑන්එන් ඇසුරිණි - 085)