මෙක්සිකෝවේ ගල්ෆ් වෙරළබඩ කළාපයට අයත් වැරකෲස්හි අවන්හලක සිදුකල වෙඩි තැබීමකින් 13දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 

අන්ද්‍රේ මැනුවෙල් ලෝපේස් මහතා මෙක්සිකෝවේ ජනාධිපතිවරයා ලෙස පත්විමෙන් පසු සිදුවූ දරුණුම සිද්ධිය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.

බලධාරීන් පවසන්නේ හඳුනානොගත් තුවක්කුකරුවකු විසින් ඝාතන සිදුකළ බවයි.

කුඩා දරුවකු කාන්තාවන් පස්දෙනකු හා පිරිමින් හත්දෙනකු මියගිය අය අතර සිටින බවත් සිද්ධියෙන් හතරදෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුහු පවසති.

කෙසේවුවද මෙම ඝාතනයන් සිදුකිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

(බීබීසී ඇසුරිනි - 085)