දින දෙකක් පුරා පැවති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරය හා අවට නගර කිහිපයක් ජලයෙන් යටවී ඇතැයිද, මගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් එම නගරයේ කොටුවී ඇතැයිද  වාර්තා වේ.

මුම්බායි නගරයේ දුම්රිය මාර්ග ජලයෙන් යටවී තිබීම සහ මාර්ගවලට ගල් පෙරලීම හේතුවෙන් දුම්රිය ගමන්වාර බොහොමයක් අවලංගු කිරීමට සිදුව ඇති බැවින් මගීන්ට යානොහැකිව සිටින බවත් පැවසේ.

බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගංගා කිහිපයක් පිටාරගැලීම හේතුවෙන් ජලාශ කිහිපයක දොරටු විවර කිරීමට සිදුවූ බව බලධාරීහු පවසති.

බටහිර ප්‍රදේශයට මිලිමීටර් 200කට අධික වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

නගරයේ පාසැල්, කාර්යාල හා වෙළඳසැල් ද වසා දමා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)