ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමෙන් තිදෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූ අයගෙන් 13දෙනකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි. 
 
දුම්රියේ 250ක පමණ පිරිසක් ගමන් කර ඇති බවත් දුම්රිය සාමාන්‍ය වේගයකින් ගමන් කර ඇති බවත් පැවසේ. සහන සේවකයන් පවසන්නේ අනතුරට පත්වූ දුම්රිය මැදිරි අතර සිරවී සිටි මගීන් බේරාගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි. 
 
ක්‍රෙමෝනා සිට මිලාන් බලා ධෘවනය වෙමින් තිබූ මෙම දුම්රියේ සිදුවූ අනතුරට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
රොයිටර් ඇසුරිණි - (085)