බොලීවියාවේ ඔරුරෝ නගරයේ සැනකෙළියක් පැවැත්වෙන අවස්ථාවක ගෑස්ටැංකියක් පුපුරා යෑමෙන් 08දෙනකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 

සැණකෙළි භූමිය ආසන්නයේ පිහිටි ජනාකීර්ණ වීදියක පිපිරීම සිදුව තිබේ. මියගිය අය අතර දරුවන් තිදෙනකු ද සිටින බව බලධාරීහු පවසති.

තුවාලකරුවන් ගුවන් මගින් බොලිවියාවේ ප්‍රධාන නගරය වන ගා පාස් වෙත රැගෙන ගොස් ඇත.

ඔරුරෝ නගරයේ පැවැත්වෙන මෙම සැණකෙළිය වසර 200ක පමණ අතීතයේ සිට නොකඩවා පවත්වාගෙන එන සංස්කෘතිකාංගයක් වන අතර නර්තකයන් 6000ක් පමණ සහභාගී වන උත්සවයකි.

(බිබිසි ඇසුරිනි - 085)