බොට්ස්වානාහි ඔකවැන්ගෝ ඩෙල්ටා වන සත්ව අභය භූමිය ආසන්නයේ අලි ඇතුන් 90ක් පමණ ඝාතනය කර තිබී හමුවූ බව වාර්තා වේ.

වන සතුන් සුරැකීමේ සංවිධානයක් විසින් ගුවනින් සිදුකරන ලද සෝදිසි කිරීමකදී මේ බව අනාවරණය වී තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය මෙතෙක් අප්‍රිකාවේ දක්නට ලැබුණු විශාලම සත්ත්ව දඩයම බවයි.

ඝාතනයට ලක්වූ සතුන්ගෙන් 87දෙනකුගේම දළ කපාගෙන තිබෙන බවද පැවසේ.

ලෝකයේ විශාලම අලි ගහණයට හිමිකම් කියන බොට්ස්වානාහි අලි දඩයම් කිරීමද විශාල වශයෙන් සිදුවේ.

2015 වර්ෂයේ සිදු කරන ලද අලි සංඝනනයෙන් වාර්තා වී ඇත්තේ අප්‍රිකාවේ අලින්ගෙන් තුනෙන් එකක් පසුගිය දශකය තුලදී ඝාතනයට ලක්ව ඇති බවයි.

(බීබීසී ඇසුරිණි - 085)