ටැන්සානියාවේ වයඹ දිග බුරුන්ඩි දේශසීමාව ආසන්නයේ ප්‍රාථමික පාසලක සිදුවූ පිපිරීමක් හේතුවෙන් සිසුන් හයදෙනකු මියගොස් 25ක් පමණ තුවාල ලබා ඇත. 
 
මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම දරුවන් යම් දෙයකින් ක්‍රීඩා කරමින් සිටින අතර තුර එය පිපිරී ඇති බවයි. 
 
 එය කුඩා බෝම්බයක් වියහැකි බව පොලිසිය පවසයි. මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ආරක්ෂක භට කණ්ඩායමක් අදාල ස්ථානයට යවා ඇති බවද පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.
 
මෙම පාසල පිහිටි කලාපය බුරුන්ඩි සරණාගතයන්ට පහසුකම් සපයන ප්‍රදේශයකි. ඔවුන් අතර හමුදා සාමාජිකයන් ද සිටින බැවින් මෙසේ අවි ආයුධ හමුවීම සාමාන්‍යයෙන් සිදුවියහැකි දෙයක් බව ද බලධාරීහු පවසති.
 
(බීබීසී ඇසුරිණි - 085)