Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උගන්ඩා පොලිසිය විසින් බීබීසී මාධ්‍යවේදීන් පිරිසක් එරට කැම්පාලා අගනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් බදාදා(06) උගන්ඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද නීතිවිරෝධී ලෙස අලෙවි කළ රාජ්‍ය ඖෂධ තොගයක් සම්බන්ධයෙන් එම මාධ්‍යවේදීන් පිරිස නිරීක්ෂණයක යෙදී සිටියදී ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
උගන්ඩාවේ රාජ්‍ය ප්‍රකාශක ඔෆ්වෝඩෝ ඔපොන්ඩෝ මහතා එම මාධ්‍යවේදීන් අත්අඩංගුවෙන් මුදාහරින ලෙස ඉල්ලා සිටි බව රොයිටර් පුවත් පවසයි.
පොලිසිය විසින් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට හේතුව තමා නොදන්නා බවත් උගන්ඩා රාජ්‍ය කටයුතුවලට සහයෝගයක් වන දූෂණ සම්බන්ධ කටයුතු විමසීම අත්අඩංගුවට ගැනීමට තරම් කරුණක් නොවන බවද ඔහු පැවසීය.
බීබීසී මාධ්‍යය පැවසුවේ උගන්ඩාවේ අදාළ ආයතන සමඟ කතාකරමින් මෙයට හැකි ඉක්මණින් විසඳුමක් ලබාගැනීමට අදහස් කරමින් සිටින බවයි.
(බීබීසී ඇසුරිනි)
(16844)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.