ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී)
 
බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ වෙනසක් කිරීමට එරට අගමැතිනි තෙරේසා මේ තීරණය කර ඇතැයි වාර්තා වේ.එසේ වුවත් විදේශ, මුදල් සහ ‘බ්‍රෙක්සිට්’ අමාත්‍යවරුන්ගේ වෙනසක් නොවනු ඇතැයි ද පැවසේ.කැබිනට් මණ්ඩලයේ වෙනසක් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිනිය තීරණය කරන ලද්දේ එරට නියෝජ්‍ය අගමැතිවරයාගේ ධුරයෙන් පහ කිරීමත් සමඟය. 
 
රාජකාරී පරිගණකයේ අශ්ශීල ඡායාරූප දහස් ගණනක් තබාගෙන සිටි බවට චෝදනා එල්ල වීම නිස නියෝජ්‍ය අගමැති ඬේමියන් ග්‍රීන් ධුරයෙන් ඉවත් කරන ලදි. ඔහුට අමතරව ආරක්ෂක අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය අමාත්‍යධුරවලින් ඉවත් වූහ. ඔවුන් දෙදෙනාට ද විවිධ චෝදනා එල්ල විය. 
 
මේ අනුව මාසයකට අඩු කාලයකදී කැබිනට් මණ්ඩලයේ තිදෙනකු ඔවුන්ගේ ධුරවලින් ඉවත් කර හෝ ඉවත් ව තිබේ.  මෙම වසර බ්‍රිතාන්‍යට තීරණාත්මක වසරකි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම (බ්‍රෙක්සිට්) සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබේ. 
 
055