බංගලාදේශයේ චිතගොං වරාය‍ ආසන්නයේ අද (17) ඇති වූ ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි  එරට පොලිසිය සහ ගිනිනිවන භටයෝ පවසති.

ගින්නෙන් පැල්පත් නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව වාර්තා වෙයි.

කුඩා පරිපථයක් ගින්නට හේතුව වී ඇති බව ගිනි නිවන නිලධාරියකු පැවසීය.

බංගලාදේශය දිළිදු රටක් වන අතර ආරක්ෂණ රෙගුලාසි කලාතුරකින් භාවිතා කිරිම හේතුවෙන් සෑම වසරකම අනතුරු වලින් සිය ගණනක් මිය යති.

2013 වසරේ දී ඇඟලුම් කම්හලක් කඩා වැටීමෙන් 1100 කට වැඩි ඇඟලුම් සේවකයන් පිරිසක් මිය ගියේය.

 

රොයිටර් ඇසුරෙනි

(28535)