ප්‍රංශයේ කොර්ච්වෙල්හි මහල් කිහිපයකින්යුත් අවන්හලක සිදුවූ ගිනිගැනීමකින් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ අයගෙන් හතරදෙනකුගේ තත්ත්වය බරපතල බව බලධාරීහු පවසති.

ගොඩනැගිලි තුනකට ගින්න පැතිරී ඇති අතර ගිනි නිවන සේවකයින් 70ක් පමණ ගින්න පාලනය කිරීම සඳහා යොදවා ඇති බව සඳහන් වේ.

ගොඩනැගිල්ලේ සිරවී සිටි පිරිස් බේරාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව ගිනි නවන අංශ පවසයි.

එක් ගොඩනැගිල්ලක විදේශිකයන්ද ඇතුළුව සේවකයින් 60දෙනකු පමණ නවාතැන්ගෙන සිට ඇති බව පැවසේ.

 

(බීබීසී ඇසුරිණි - 085)