පකිස්ථානයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙක් මිය ගොස් ඇත. 
 
 බස් රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර ගිනි ගැනීමක් ද සිදු වී ඇත. 
 
 කරච්චි නුවර සිට පන්ජ්ගර් නගරය දක්වා ගමන් ගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 40 දෙනෙක් සිට ඇත.
 
 සිද්ධියෙන් තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති අතර 16 දෙනෙක්ගේ තත්ත්වය බරපතල වන බව වාර්තා වේ.
 
 (63226)