නේපාලයේ බටහිර බේරි නගරයේ අධික වැසි සමග නායයෑම් ඇති වීම හේතුවෙන් දරුවන් හත් දෙනකු ඇතුළු අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර කිහිප දෙනකු අතුරුදන්ව ඇති බවද පොලිසිය පවසයි.
 
මියගිය දරුවන් අවුරුදු තුනත් 11ත් අතර වයසේ අය බව වාර්තා වී ඇත.
 
දිගින් දිගටම වැසි ඇති වන බවට කාළගුණ අංශ  අනතුරු අඟවා ඇති හෙයින් තවදුරටත් නායයෑම් සහ ගංවතුර ඇති වියහැකි බව පැවසේ.
 
ජුනි සිට සැප්තැම්බර් දක්වා මෝසම් සමයේ නේපාලයේ මෙවැනි තද වැසි ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවන බව කාලගුණ අංශ සඳහන් කරයි.
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)