නිකරගුවා රජයේ ආරක්ෂක අංශ විසින් මසායා නගරයේ කරන ලද වැටලිම් වලදී සිවිල් වැසියන් ඇතුළු 10දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 

මානව හිමිකම් සංවිධාන පවසන්නේ සිවිල් වැසියන් 6 දෙනකු හා ආරක්ෂක අංශ සාමාජිකයන් 4 දෙනකු මියගොස් ඇති බවයි. ඔවුන්ට අනුව ආරක්ෂක සාමාජිකයන් රැගත් රථ 22ක් පමණ නගරයට ඇතුළු වී ඇත. රජයට ප්‍රථිවිරුද්ධ කණ්ඩායම් ඉලක්ක කරගෙන මෙහෙයුම සිදු කර ඇත.

යුරෝපය, කොළොම්බියාව, චිලී සහ ඉක්වදෝරය නිකරගුවා රජයේ මෙම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකිමින් නිවේදන නිකුත් කර ඇතැයි සඳහන් වේ.

රජයේ හමුදා හා පොලිසිය විසින් ඒකේ-47 වර්ගයේ තුවක්කු වලින් වෙඩිතැබූ බව මසායා නගර වැසියෙකු ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.

(බිබීසි ඇසුරිණි - 085)